Wednesday, July 15, 2026
HomeNEWSදේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මිනීමරපු හැටි බලන්න-බටලන්ද චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මිනීමරපු හැටි බලන්න-බටලන්ද චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු.

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගත කළ බටලන්ද​ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් 16 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසුවේය.මෙම​ කොමිෂන් සභා වාර්තාවෙන් තමන්ට චෝදනා එල්ල කර ඇති බව ප්‍රකාශ කළත් වාර්තාවේ 119 පිටුවේ තිබෙන කරුණු අධ්‍යයනය කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.‘‘කොමිෂන් සභා වාර්තාවේ 119 පිටුවේ තියෙන්නේ මම ගෙවල් දෙකක් දීපු එක නීත්‍යනුකූල නැහැ කියලා. ඒක නිසා මම බටලන්දට වගකිව යුතු බව කියනවා. වාර්තාවේ මට කිසිම දඬුවමක් නිර්දේශ කරලා නැහැ.මම සහ එවකට කැලණියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ වක්‍රව වගකිව යුතු බව කියනවා. ඍජුව කිසිම චෝදනාවක් නැහැ. බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.ඒකේ තියෙනවා දේශ​ප්‍රේමී ජනතා ව්‍යාපාරය මිනී මරපු හැටිත්. කොමිසමෙන් කාගේවත් ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැහැ. මොකද මෙම කොමිෂන් සභාව 48 වගන්තිය යටතේ පිහිටු වූ සාමාන්‍ය කොමිෂන් සභාවක් විතරයි’’යනුවෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img