Monday, September 14, 2026
HomeNEWSභීෂණ සමයේ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ ජවිපෙ බව පවසමින් රනිල් බටලන්ද චෝදනා...

භීෂණ සමයේ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ ජවිපෙ බව පවසමින් රනිල් බටලන්ද චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය.1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා.ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා.බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය,මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා.ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.ආරක්ෂක අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීමට තීරණය කෙරිණා.ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දමනු ලැබුවා.ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව එවකට සිටි ඈවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමටත් පියවර ගත්තා.පළාත් සභා මන්ත්‍රීවරයකු, සමූපාකාර සමිති සභාපතිවරයකු,පොලිස් සාජන්වරයකු, ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ද පහර දීමක් කෙරුණා.කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.1994 න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා.ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා.මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි.මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා.එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා.මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ.ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා.නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. අඩුම තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ.බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ.ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි.ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේවත් අනෙක් පාර්ලිමේන්තු වලවත් නැහැ. ………………………………………………………..බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img