ඡන්දයට වටිනාකමක් දෙන්න…. ඡන්දය භාවිතා කිරිමට පෙර දෙවරක් සිතන්න…..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කෑගල්f,aoS
තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කිරීමට පෙර ජනතාව දෙවරක් සිතා බැලිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ අද (2020.07.09) පැවති හමුවකට එක්වෙමින් මෙසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සමඟි ජන බලවේගයේ නායකයින් පාර්ලිමේන්තු බලය ඉල්ලා සිටින්නේ සිරිකොත ඇල්ලීමට බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පක්ෂය ගැන කලකිරුණු එජාප පාක්ෂිකයන් මේ දිනවල පොදුජන පෙරමුණ සමඟ එකතු වීමට පටන් ගෙන ඇති බවත්, නායකයෙක් නොමැති පක්ෂයක තමන්ට අනාගතයක් නොමැති බව මේ වන විට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් තේරැම් ගෙන ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
මෙහිදී පසුගිය යහපාලන රජය සමයේ පාර්ලිමේන්තුවේ පැවැති සංයුතිය සම්බන්ධයෙන් ද අදහස් පළකළ අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ මන්ත්‍රීවරු 16ක් තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරයත්, මන්ත්‍රීවරු 6ක් තේරී පත්වූ ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් ලබා දී පාර්ලිමේන්තුවේ විකෘති තත්ත්වයක් ඇති කළ බවයි.
මේ නිසා විවාද වලදි ආණ්ඩුවට විරුද්ධව කතා කළත් ඡන්දය වෙලාවේදි මගහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් රජයට සහාය දැක්වීමේ ක්‍රමවේදයක් විපක්ෂය අනුගමනය කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනතාවගේ ඡන්දයෙන් පත්ව ජනතා විරෝධී ලෙස කටයුතු කිරිමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයේදී ඔවුන්ට හිමිවනු ඇතැයිද කී අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයේදී පොහොට්ටුව ඉදිරියේ ඡන්දය ලකුණු කර තමන් කැමැති අපෙaක්ෂකයින් තිදෙනෙක්ට මනාප දීමට අමතක නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, තාරක බාලසූරිය මහතා ඇතුළු මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කෑගල්ල දිස්ත්‍රsකalයට තරඟ කරන අපේක්ෂක අපේක්ෂකයින්ද එක්වූහ.



























