Saturday, October 24, 2026
HomeNEWSගමේ එජාප, ජවිපෙ සාමාජිකයන් කළකිරිලා. පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා

ගමේ එජාප, ජවිපෙ සාමාජිකයන් කළකිරිලා. පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා

ගමේ එජාප, ජවිපෙ සාමාජිකයන් කළකිරිලා. පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා

  • ගමේ එජාප, ජවිපෙ සාමාජිකයන් කළකිරිලා. පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා.
  • මෛත්‍රී පොදු අපේක්ෂකයා වු දින පටන්ම ශ්‍රිලනිපය විනාශ කළා. 
  • පූට්ටු ආණ්ඩුවක් කියන්නේ එළහරකයි මී හරකයි වගේ ආණ්ඩුවක්.
  • පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැ

පොහොට්ටුව කිසිසේත් පූට්ටු ආණ්ඩු සෑදිමට සුදානම් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පසුගිය යහපාලන පූට්ටු ආණ්ඩුව රට විනාශ කළ බවත් නැවත එවැනි විනාශයක් රටට ඇති කිරීමට ජනතාව සුදානම් නොමැති බවත් අවධාරණය කළ ඇමතිවරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් රට තුළ ස්ථාවර ආණුඩවක් පිහිටවිය යුතු බවයි. 

මිනුවන්ගොඩ කළහුගොඩ ඊයේ (08) පැවති ජන හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

“අපිට දේශපාලන අභියෝගයක් නෑ. අපි මේක කොහොමත් දිනනවා. අවශ්‍ය වෙන්නේ තුනෙන දෙකක බලයක් සහිතව දිනන්නයි. අද සජිත්ලා රනිල්ලා මරා ගන්නවා. යහපාලන ආණ්ඩුව කරන දේවල් ඒ අයගේ කට්ටියම කියනවා. මහබැංතු හොරු ළග තියාගෙන ඉන්නවා කියලා රනිල් සජිත්ටත්, සජිත් රනිල්ටත් එකිනෙකා චෝදනා කර ගන්නවා. පක්ෂය විකුණුවා රට විකුණුවා කියලා සජිත් රනිල්ට බනිනවා. රනිල් සජිත්ට බනිනවා. දෙගොල්ලොම එකතු වෙලා තමයි මහබැංකු හොරකම කරලා තියෙන්නේ. රනිල්ගෙයි, සජිත්ගෙයි කටමත දෙඩවීමෙන් ම ඒ අයගේ සැබෑ නිරුවත හෙළිවෙනවා. ගම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ කළකිරීමෙන්. ගමේ ජවිපෙ සාමාජිකයන් කළකිරිලා ඉන්නේ. මේ හැමෝම පොකුරු පිටින් පොහොට්ටුවට එකතු වෙනවා. මේ විදිහට පොහොට්ටුවට එජාප, ජවිපෙ සාමාජිකයන් එකතු වුණොත් අපිට තුනෙන් දෙකක් නෙමෙයි ඊට එහා ගිය බලයක් ලබා ගත හැකියි.

යහපාලන ආණ්ඩුව ජාතික ආණ්ඩුව නැමැති පූට්ටුව ගැහුවේ රට හදනවා යැයි කියලා. ඒත් යහපාලනය කළේ රට විනාශ කරපු එක විතරයි. පොහොට්ටු ආණ්ඩුව කවදාවත් පූට්ටු ආණ්ඩුව මේ රට විනාශ කළා. ඒ පුට්ටු ආණ්ඩුව හැදුවේ මෛත්‍රී. මෛත්‍රී පොදු අපේක්ෂකයා වුණු දවසේ ඉදන් ශ්‍රිලනිප ය ශක්තිමත් කරන්න ශත පහක දෙයක් කරලා නෑ. බණ්ඩාරනායක මහත්තයයි, මැතිණියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාගත්තේ ඇස් දෙක වගේ. පංච මහා බලවේගය හදලා මේ පක්ෂය රැක්කා. මෛත්‍රී මොකද කළේ. ඔහු ජනාධිපති වෙලා ශ්‍රිලනිපෙයේ පංච මහා බලවේගය අරගෙන ගිහින් අලියාගේ නැට්ටෙ එල්ලුවා. අපි ඒකට විරුද්ධ වුණා. අපිව එළියට දාලා ගොඩයියෝ ටික දැම්මා එතතට. ශ්‍රිලනිපය අලියාගේ නැට්ට එල්ලුවාට පස්සේ  යන මං නැතිව හිටපු ශ්‍රී ලංකාකාරයෝ ටික තමයි මේ පොහොට්ටුව හැදුවේ. අද පොහොට්ටුව ශක්තිමත් දේශපාලන පක්ෂය බවට පත්වෙලා ඉවරයි.

මම මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියුවාම දායාසිරි මහත්තයා මට බනිනවා. මම දයාසිරි වගේ පැත්ත මාරු කරලා නෑ. මට එතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. දයාසිරි මහත්තයා එතුමාගේ ඉතිහාසය නැවත මතක් කර ගත්තනම් හොදයි. ජී.එල් ඇමතිතුමාගේ ලේකම් වෙලා ඉදලා එජාපයට ගිහින් මහින්ද මහත්තයා ළගට ඇවිත් ආයෙත් මෛත්‍රී ගාවට ගිය ප්‍රතිපත්තියක් නැති කෙනෙක් තමයි දයාසිරි කියන්නේ.  යහපාලනයට ගියේ රට හදන්න කියලා. යහපාලනයට ගිය දයාසිරිලා රට හැදුව ද විනාශ කළා ද කියන්න අපි හොදට දන්නවා. යහපාලන ආණ්ඩුව කළේ රටට එරෙහි අණපණත් ගේනකොට, ස්වාමින් වහන්සේලා හිරේ දානකොට, රණවිරුවෝ හිරේ දානකොට දයාසිරිලත් ඒකට අත එසෙව්වා. මහබැංකු හොරුන්ගෙන් සල්ලි ගත්ත එකටත් දයාසිරිගේ නම කියවෙනවා. මට කියනවා තාත්තාගේ සොහොන ලගට යන්නලු. තාත්තාගේ ආශිර්වාදය නිසා තමයි මම අද මෙතන ඉන්නේ. දයාසිරිගේශ්‍රී  ලංකා නිදහසස් පක්ෂය පිළිබද ඉගෙන ගන්න මට අවශ්‍ය නෑ. දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන්න කිසිදු සදාචාරත්මක අයිතියක් නෑ. පක්ෂ මාරුකර එජාපය සමග නිදි වැදුන අයටද ඒ අයිතිය කොහොමත් නෑ. මට බැනලා කුරුණෑගල ජනතාවගේ ඡන්දය ගන්න දයාසිරිට බෑ. කුරුණෑගල මිනිස්සු ඔහු ගැන දන්නවා. මම දයාසිරිට අනුකම්පා කරනවා. මැතිවරණ ප්‍රථිපල ආපුවාම බලන්න ගම්පහ මිනිස්සු  මට සලකනවද නැද්ද  කියලා. උගත් උනාට වැඩක් නෑ ගෙම්බො වගේ පැනලා මෝඩයෝ වගේ කථා කරනවනම්. මම කථා කරන්නේ ප්‍රතිපත්ති. 

මම අදත් කියන්නේ පොහොට්ටුව දලා යන්නේ නැති කෙනෙකුට ඡන්දය දෙන්න කියලා. ගියපාර මහින්ද මහත්තයා දාලා ගියා වගේ ගියොත් මොන දෙයියන්ට කියන්නද. අපි කියන්නේ මෛත්‍රීගේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඒම අවධානම් සහගත බවයි. ඒ අවධානම අදත් හෙටත් තියෙනවා. අපි මේ වෙලාවේ පත් කරන්න ඕනේ ගෝඨාභය මහත්තයාගේ කකුලෙන් අදින්නේ නැති ආණ්ඩුවක්. එලහරකයි මීහරකයි වගේ දෙපැත්තට අදින ආණ්ඩුවක් බලයට පත් කරලා රටට වෙච්ච දේ අපි දන්නවා . ඒනිසා නැවත ඒ පාපය කරගන්න එපා.”

අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතාද මෙහිදී කථා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...

මාලිමාවට කඩේ යන මුස්ලිම් ඩයස්පෝරාවකුත් ඉන්නවා- නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුවට කඩේ යන දෙමළ ඩයස්‌පෝරාවක් වගේම මුස්ලිම් ඩයස්පෝරාවකුත් සිටින බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img