Thursday, July 16, 2026
HomeNEWSනව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති.

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති.

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙතිශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී.ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද (Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් මහතාද (Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතාද (Dr. Purna Bahadur Nepali) පත්ව ඇත.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img