මෙරට ඇමරිකානු තනාපතිනි ජුලි චන්ග් (Julie Chung) මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලා මහත්මිය අතර විශේෂ හමුවක් අද (27) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.පැයකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙම සාකච්ඡාව අතරතුරදී VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය හරහා කෙටි වේලාවකට මෙම සාකච්ඡාවට එක්විය.එසේම මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජූලි චන්ග් මහත්මිය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂන චාරිකාවකට එක්වීමද විශේෂත්වයක් විය.



























