Saturday, September 19, 2026
HomeNEWSපොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා-නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය...

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා-නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.

පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වට්ටන්න, කඩාකප්පල්කාරී ක්‍රියාවලියට ඉඩ දෙන්නේ නැහැ.ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා.2025.03.24 දින ගාල්ල-මාතර ප්‍රධාන මහාමාර්ගයේ දී බස් රථ රියදුරෙකුට පහරදීමට සම්බන්ධ සියළු සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විෂයය භාර නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි. මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ සහ අනුබල දුන් ලොරි රථ රියදුරු, ත්‍රීරෝද රථ රියදුරෙකු ඇතුළු වගකිවයුතු සියළු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසී ය.එමෙන්ම පසුගිය 22 වන දා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර පිළිබඳව ද විමර්ශන සිදුකර ඇති බව ද පැවසීය. එම බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පුවත පිළිබඳව තහවුරු වී නොමැති බවට අණාවරණය වී ඇත. බස් රථ වල අධික වේගය අනතුරට ප්‍රධාන හේතුව බවට වාර්තා වී ඇත. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපරිම මැදිහත්වීමෙන් මාර්ග ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනු ලබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...

බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලීමක්

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා තුනකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙස සී.අයි.ඩී.ය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img