Sunday, September 20, 2026
HomeNEWSමාසට 3ට වෙඩි තැබීම් 28යි. මනුෂ්‍ය ඝාතන 22යි-විපක්ෂ නායක සජිත්.

මාසට 3ට වෙඩි තැබීම් 28යි. මනුෂ්‍ය ඝාතන 22යි-විපක්ෂ නායක සජිත්.

මාසට 3ට වෙඩි තැබීම් 28යි. මනුෂ්‍ය ඝාතන 22යි. ඇයි රජයට තවමත් මේවා පාලනය කර ගන්න බැරි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයිඅද වන විට නාදුනන තුවක්කුකරුවන්ගේ මිලේච්ඡ ඝාතකයන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් බවට අප රට පත්ව ඇති බවත් සංවිධානාත්මක මැර කල්ලි අපරාධ කල්ලි මිනිමරුවන් මිලේච්ඡයන් ජන සමාජයම භීෂණයට ලක් කර ඇති බවත් ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා වෙඩි තැබීම් 28ක් සිදුව 22ක් ජීවිත අහිමි වි ඇති බවත් නීතිය සාමය වල් බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් උණ්ඩය බෝම්බය කඩුව පිස්තෝලය තුවක්කුව මුළු සමාජයම යටපත් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අධිකරණය සංකීර්ණය තුළි සිදුවූ මිනිමැරුමේ ප්‍රධාන සැකකාරිය පවා අත්අඩංගුවට ගත නොහැකි වී ඇති බවත් ඩෙස් බංකු ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්නම් කියූ මේ රජය අද රටේ සිදුවන මිනිස් ඝාතන ජාතික ආරක්ෂාවට බලපෑමක් නොමැති බවත් මහජන ආරක්ෂාවට පමණක් එය බලපාන බවට කියන බවත් මේ රජයට යතුරුපැදි තුවක්කුකරුවන් පාලනය කරගත නොහැකි වී ඇති බවත් සංවිධානාත්මක අපරාධකරුවන් සොයාගෙන ඔවුන්ට විරුද්ධව කටයුතු කළ නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් කැස්බෑව ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.අද වන විට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩා ජාවාරම පාසල් මට්ටමට පවා ගෙනවිත් සමාජයේ බරපතල ගැටලුවක් වී ඇති බවත් රටේ අනාගතය වූ දූදරුවන් බිල්ලට ගන්නා තැනට පත්ව ඇති නිසා මේ සමාජය නීතිගරුක යුක්තිගරුක සමාජයක් බවට පත් කළ යුතු බවත් මේ මිනිමරුවන්ගෙන් රට මුදවා ගෙන මේ මිනිමරු සංස්කෘතිය නතර කරවන්න ශක්තිමත් රාජ්‍ය පාලනයක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.නීතිය හා සාමය යන ක්ෂේත්‍රය මධ්‍යම ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයිති වුවත් පළාත් පාලන ජයග්‍රහණයෙන් පසුව පලාත් පාලන ආයතනවල මෙහෙයවීම හරහා බිම්මට්ටමේ සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවා ප්‍රජා සහභාගීත්ව ආරක්ෂක කමිටු ඇති කර නීතිය හා සාමය සුරැකීමට කටයුතු කළ හැකි බවත් ප්‍රජා කේන්ද්‍රීයව කටයුතු කිරිම තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළට සුවිශාල සහයෝගයක් ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.සුරංගනා කතා කියලා ජනතා ගැටලු යටපත් කරා ඇතිඅද වන විට බඩු මිල ඉහළ ගොස් අධි උද්ධමන තත්ත්වයක් තුළ ජන ජීවිත කඩා වැටි ඇති බවත් අද වන විට වේල් 3 කන්න බැරි ජනතාව සිටින බවත් භාණ්ඩ මිල ඉහළ ගියත් ලැබෙන ආදායම එලෙසම පවතින අතර ගෘහයේ ආදායමේ ක්‍රය ශක්තිය පහළ වැටි ඇති බවත් විශාල කලකිරිමකින් අසහනයකින් පීඩනයකින් රටේ ජනතාව ජිවත් වුවත් මේ බඩු මිල ගැටලුවට රජයෙන් විසදුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.සුරංගනා ලෝක මවා පා ලස්සන විසිතුරු වචන ඉදිරිපත් කර සිත්ගන්නා සුළු නිවේදන නිකුත් කර මහජනතාව තවදුරටත් රවටන්නේ නැතිව ජනතා ගැටලුවට විසදුම් ඉදිරිපත් කරන ලෙසත් ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නැති නිසා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/u8PWsVooDkA?si=kEXkw1Io4Aw1bJOD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img