Monday, May 4, 2026
HomeNEWSජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්.

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්.

ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය නැංවීමට හා සමාජ සුභසාධනයට සහාය පළ කෙරේ මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්‍රිසියෝ ද ඔලිවෙයිරා ( Fabrício Oliveira) මහතා ප්‍රකාශ කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති සාකච්ඡාවේ දී ෆැබ්‍රිසියෝ ද ඔලිවෙයිරා මහතා මේ බව සඳහන් කළේය. ජාත්‍යන්තර සිංහ සමාජය විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදු කරමින් තිබෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනින ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටද සභාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති නව ව්‍යාපෘති සහ එහි ක්‍රියාකාරීත්වය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ සිය ස්තූතියද පළ කර සිටියේය.කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img