Saturday, May 2, 2026
HomeNEWSසම සෞඛ්‍යය පත්වීම් ප්‍රධානය හෙට සිදු කෙරෙන්නේ නැහැ -රවී කුමුදේශ්.

සම සෞඛ්‍යය පත්වීම් ප්‍රධානය හෙට සිදු කෙරෙන්නේ නැහැ -රවී කුමුදේශ්.

හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් ලබාදීමේ පත්වීම් ප්‍රදානය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පන ප්‍රකාශ කළේය.”මේ අසාධාරණයට පත් වුණු උපාධිධාරීන් අද දවසේ අභියාචනාධිකරණයට ගිහින් තිබුණා මේ අවනඩුව කියන්න. අභියාචනාධිකරණයට මේ කාරණාව පිළිබඳ සැලකිල්ලට අරගෙන හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට යන ඒ සීමාවාසික පුහුණු පත්වීම් සහ රාජ්‍ය සේවාවේ පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ උත්සවය අත්හිටවන්නට කියලා නියෝග කරලා තියෙනවා.”‍පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් අද (27) උදෑසන 8ට වැඩවර්ජනයක් ආරම්භ කළේය.ඒ සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමිනි.වර්ජනය හේතුවෙන් රෝහල් රැසක රසායනාගාර සේවා සහ භෞත චිකිත්සක සේවා ක්‍රියාත්මක කෙරුණේ නැත. පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ, මෙම වර්ජනය පිළිකා රෝහල්, වකුගඩු රෝහල්, මාතෘ සහ ළමා රෝහල් සහ මධ්‍යම ලේ බැංකුවේ ක්‍රියාත්මක නොකරන බවය. මෙම වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් සුපුරුදු පරිදි දුෂ්කරතාවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img