• නුදුරේදි රජය සූදානම් වෙඩිතැබීමේ අර්ධ ශතකය සමරන්න………….. රටේ වැදගත් මනුෂ්ෂයෙකුට, ව්‍යාපාරිකයෙකුට මඟතොටේ ගමන් කිරීමට නොහැකි බියකරු තත්වයකට මේ රට ගෙනියමින් තිබෙන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.05.27) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,“ මාලනි ෆොන්සේකා මැතිණිය, මේ රටේ නිළි රැජිණ ඊයේ දිනයේ මේ දැයෙන් සමුගත්තා. මාලනි ෆොන්සේකා මැතිණිය කියන්නේ මේ රටේ ජනතාවට හිනාවෙලා නැගිටින්න ශක්තිය දුන්, ජිවිතය විදදරාගනිමින් නැගිසිටින්න ශක්තිය දුන් කලාකාරනියක්. 71 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලෙන් මේ රට කඩාවැටිලා තියෙද්දි එතුමියගේ සිනමාපට තුළින් මේ රටේ ජනතාව නැවත නැගිසිටින්නට අවශ්‍ය කරන මානසික සුවය ලබාදුන්නා. 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලෙන් මේ රට සම්පූර්ණයෙන් විනාශ කර තිබෙන අවස්ථාවක එතුමියගේ දායකත්වයෙන් මේ රටේ ජනතාවට මානසික සුවය ලැබුනා. ඒ වගේම වසර 30 ක් තිස්සේ පැවති කුරිරු එල්.ටී.ටී.ඊ. යුද්ධය කාලයෙත් රටේ ජනතාවට අවශ්‍ය කරන මානසික සුවය සැපයූවා. ඇය කලාකාරනියක් විතරක් නොව විශාල ජාතික මෙහෙවරක් කරපු තැනැත්තියක්. එතුමිය වගේම එතුමියගේ සමකාලීනයන් හැටියට අපි දන්නවා ඒ කාලයේ විජය කුමාරතුංග මැතිතුමා, ගාමිණි ෆොන්සේකා මැතිතුමා වැනි ප්‍රවින කලාකරුවන් මේ රට වෙනුවෙන් විශාල දායකත්වයක් දැරුවා. ජනතා විමුක්ති පෙරමුණ විජය කුමාරතුංග මහතාව අමු අමුවේ වෙඩි තියලා මරා දැම්මා. ඒ වගේම පහුගිය කාලයේ මාලනි ෆොන්සේකා මැතිණිය ජිවත්ව සිටියදි ඇයගේ ආත්මය මරා දමන්න ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව කටයුතු කළා. එතුමියට අසනීප අවස්ථාවේදී ඒ අවශ්‍ය බෙහෙත්හේත් ලබාගන්න ලබාදීපු මුදල පිළිබඳව පවා මේ රටේ ජනතාවට වැරදි චිත්‍රයක් මවලා ජනතාව අතර ලොකු අප්‍රසාදයකට ලක්කරන්න උත්සහයක් දැරුවා. මාලනි ෆොන්සේකා මැතිණියට මේ රටේ හිටපු ජනාධිපතිවරු හැමදෙනාම වගේ විශාල ගෞරවයක් දැක්කුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමියව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක් හැටියට ජාතික ලැයිස්තුවෙන් පත්කරලා එතුමියට ඒ දෙන්න ඕන රාජ්‍ය ගෞරවය නිසිපරිදි ලබාදුන්නා. එතුමියව පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් හැටියට පත්කළත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිම අවස්ථාවකවත් එතුමියව පක්ෂයේ දේශපාලන වැඩවලට යොදාගත්තේ නැහැ. එතුමියට ගෞරවාන්විත ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. මේ වගේ තත්වයක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව අඩුතරමින් රාජ්‍ය ගෞරවය ලබාදෙනවා කියලා අවමංගල උත්සවයට රාජ්‍ය ගෞරවයක්වත් ලබානොදි රාජ්‍ය අනුග්‍රහයක් යම්කිසි ප්‍රමාණයකට ලබාදෙමින් මේ සිදුකරපු දේ අපි ශ්‍රී ලාංකීය සිනමාවට ආදරය කරන ජනතාව හැටියට හෙලා දකිනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා දැන්වත් පුරුදු වෙන්න මිනිස් ජිවිතවලට මිලක් නොවේ අගයක් ලබාදෙන්න. ඔබතුමන්ලා හැමදෙයක්ම මිලක් නියම කරලා දකින පුද්ගලයින් පිරිසක්. හැමදෙයක්ම මිලක් නියම කරනවා වෙනුවට අගයක් දෙන්න පුරුදු වෙන්න කියන ඉල්ලීම ඔබලාගෙන් කරනවා. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා ඉතාම විශ්වාස කටයුතු ලෙස ඉදිරි කාලයේදී ලංකාවේ විදුලි බිල වැඩිකරන්න යනවා කියලා. විදුලි බිල තුනෙන් එකකින් අඩුකරනවා කියලා බලයට පැමිණි ආණ්ඩුව බලයට පැමිණිලා විදුලි බිල අඩුකිරීම ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව මැදිහත්වෙලා බලහත්කාරයෙන් 20% අඩු කළේ. නමුත් දැන් නැවතවතාවක් විදුලිබිල වැඩිකරන්න යනවා. හැබැයි අපි දකිනවා විදුලිබිල වැඩිකිරීම විවිධ වක්‍ර මාර්ග වලින් IMF මත පටවලා ඒ තුළින් විදුලි බිල වැඩිකරගන්න උත්සහයක් දරනවා. වෙන රටවල්වල වගේ මේ රටේ හිමපතනය, අදුරු කාලපරිච්ඡේද නැහැ. වැස්සත්, අව්ව ලැබුනත් අපිට විදුලි බලය තිබෙනවා. මේ රටේ නොමිලේ විදුලි බලය ලැබෙනදේ කළමණාකරණය කිරීමක් නොකර ඕනෑකමින් මඟහරිනවා. සූර්යබලශක්තිය නතරකරමින් මේ රටේ විදුලිබල පද්ධතිය ඕනෑකමින් කඩාදමමින් මේ ආණ්ඩුව සැරසෙන්නේ මේ ඩිසල් බලාගාර තුළින් මුදල් උපයා ගැනීමේ, කොමිස් ගැනීමේ වැඩපිළිවෙලකට යන්න කියන කාරණය අපට පේනවා. පහුගිය කාලයේ දිගින් දිගටම සූර්ය බලශක්තිය වසාදමන්න කියනවා, සූර්ය බලශක්තිය කෙරෙහි තිබුණ උනන්දුව නැතිකරන ප්‍රකාශ කරනවා. මේ ආකාරයට නොමිලේ ලැබෙන සූර්ය බලශක්තිය මේ රටේ භාවිතයට නොගෙන පිටරටින් ගෙන්වන ඩිසල්වලින් බලශක්තිය නිපදවන්න මේ ආණ්ඩුවේ කණ්ඩායමට තිබෙන උවමනාව කුමක්ද කියලා ජනතාවට පැහැදිලි කරන්න. මේ විදුලිබිල වැඩිකිරීම පිටුපස සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවේ මේ විදුලිබල ක්ෂේත්රය පාඩු ලැබෙන තත්වයකට පත්කරලා විදුලිබිල වැඩිකරන්න ඕනෑකමින් මේ ආණ්ඩුව කටයුතු කරනවා කියන කාරණය අපිට පැහැදිලියි. ඒ වගේම මේ රටේ ඉතාම නරක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. වෙඩි තැබීම් ඊයේ වන විට මේ වසරේ 49 වන වෙඩි තැබීම. ඊලඟට තිබෙන්නේ 50 වෙනි වෙඩි තැබීම. මේ රටේ වැදගත් මනුෂ්ෂයෙක්ට, ව්‍යාපාරිකයෙක්ට පාරක යන්න බැරි තරමට මේ රට නරක තැනකට ගෙනියමින් තිබෙනවා. මවකට තමන්ගේ දියණියක් පාසලකට ගෙනියන්න බැරිතරමට නරක තැනකට මේ රට ගෙනියමින් තිබෙනවා. මේ රටේ පාතාලය ඉතාම දැඩිලෙස පෝෂණය කරමින් ඉහළ නංවනවාද කියන සැකය ජනතාවට තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම් මේ රටේ කවදාවත් නොවුවිරු ආකාරයට ඉහළ නැංවිලා තිබෙනවා. මේ වගේ තත්වයක් යටතේ රජය සූදානම් වෙනවා වෙඩිතැබීමේ අර්ධ ශතකය සමරන්න හෙට අනිද්දා වන විට. මේ තත්වය රටක් හැටියට ඉතාම නරක තත්වයක්. පාතාලයේ හිස එසවීම යටතේ රටකට විදේශ ආයෝජකයෝ කවදාවත් එන්නේ නැහැ. රටේ සිටින ආයෝජකයෝ වෙනත් රටවල්වලට යන්න පෙළඹෙනවා. මේ වගේ තත්වයක් යටතේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් කඩාවැටෙනවා. හැබැයි ඒ තමන්ගේ වගකීම, යුතුකම පැත්තකට දමලා රජය ඉතා නිහඩව බලාසිටිනවා මේ පාතාලය වැඩෙන්න හැරලා. මේ තුළින් රජය උත්සහ දරන්නේ පාතාලය තුළින් බලය ගැනීමට කියන කාරණය නැවත පැහැදිලිවෙමින් තිබෙනවා. මේ රට මහා අවාසනාවන්ත රටක් බවට පත්වෙමින් තිනෙබනවා. පාසැල් දරුදැරියන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිගින් දිගටම තමන්ගේ දිවිතොර කරගන්නා තැනකට රට පත්වෙමින් තිබෙනවා. හැමදාම විවිධ අනුතුරුවලින් මිනිසුන් මියයන බවට ප්රවෘත්ති පලවෙමින් තිබෙනවා. කවදාවත් නොවිච්ච ආකාරයට මේ රටේ අවාසනාවන්ත සිදුවීම් සිදුවෙමින් පවතිනවා. මේ අවාසනාවන්ත ආණ්ඩුවක් බලයට පැමිණිලා බොරු කියලා ජනතාව රවට්ටපු එකේ ප්‍රතිවිපාක මුළු රටම විදිමින් ඉන්නවා. ආණ්ඩුව මේ රට බේරගත්ත නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කළා කියලා බොරු කියලා බලයට පැමිණ, ඔබලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු හොරකම මොකක්ද කියා රටට පෙන්වන්න නැතිනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කළේ නැහැ කියලා ඔබලාගේ පව් සමාකරගන්න. එය නොකළොත් ඔබලා මේ රටටත්, මේ රටේ ජනතාවටත් කරන්නේ තවදුරටත් ලොකු අසාධාරණයක්.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.එතුමා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් -: කොළඹ නගරසභාවේ ප්‍රතිපල දිහා බැලුවාම අපිට පෙනි යනවා කොළඹ නගරයේ ජනතාව බහුතරයක් තීන්දු කර තිබෙනවා පවතින ආණ්ඩුව කොළඹ නගර සභාව පාලනය කිරීමට සුදුසු නැහැ කියලා. අපි කිසිම ආකාරයකින් පවතින ආණ්ඩුවට කොළඹ නගරසභාව පාලනය කිරීමට අවශ්‍ය පසුබිම සකසන්නේ නැහැ. ඒ නිසා අපි පක්ෂයක් හැටියට විපක්ෂයේ අනෙකුත් පක්ෂ බහුතරයක් ලබාගත්ත පක්ෂ මේ සම්බන්ධයෙන් ගන්න පියවර, කවුද ඉදිරිපත් කරන්නේ කියන කාරණය, මේ අණ්ඩුවට විරුද්ධ බලවේගයකට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එහිදි ඒ ඒ පක්ෂවලට, ඒ ඒ පුද්ගලයාට උදව් කරනවා කියන කාරණය මත පදනම්ව සිදුකරන්නේ නැහැ. අපි ඒ දේ සිදුකරන්නේ ජනතා මතය සම්බන්ධයෙන් සිටගැනීමක් හැටියට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි යන්නේ වෙනම ගමනක්. අපිට මේ රට සම්බන්ධයෙන් තිබෙන දැක්ම වෙනස්. මේ රට දියුණු කරන ආකාරය සම්බන්ධයෙන් අපිට තිබෙන වැඩපිළිවෙල වෙනස්. ඒ වගේම මේ රටේ ඉදිරිගමන පිළිබඳව අපිට තිබෙන ආකල්ප වෙනස්. වෙනස් ක්‍රමයකට හිතන සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඔවුන් ඔවුන්ගේ ගමන යායුතුයි. අපි අපේ ගමන යනවා. මේ රටේ වාමාංශික අදහස්වලට ගරුකරන ජනතාව සමඟ ඉදිරියට යෑම තමයි අපේ පක්ෂයේ අරමුණ. අපේ සංස්කෘතියට හැටියට, අපේ රටේ දියණියක් දීගදෙන විට අම්මා තමන්ගේ දුවට ලබාදෙන ලොකුම උපදේසය තමයි ඉන්න ගෙදර කවදාවත් ලුණු පොලකට්ට හිස් කරන්න එපා කියලා. එය දකින්නේ මහා අවාසනාවන්ත තත්වයක් හැටියට .මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව මේ රටේ බලයට පැමිණිලා මාස හයක් යන විට ගෙදර ලුණු පොල්කට්ට නොවේ සමස්ථ රටේම ලුණු පොල්කට්ට හිස් කළා. මෙය මහා අවාසනාවත් තත්වයක් මේ රටට ඇති කරපු.තිලක් තේනුවර,මාධ්‍ය අංශ ප්‍රධානි,මාධ්‍ය මධ්‍යස්ථානය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.






















