Saturday, May 2, 2026
HomeNEWSහල්හොලුවගේ වෙඩික්කරුවන්ට රුපියල් ලක්ෂ දෙකක් පාතාලයෙන් ගෙවලා.

හල්හොලුවගේ වෙඩික්කරුවන්ට රුපියල් ලක්ෂ දෙකක් පාතාලයෙන් ගෙවලා.

2025.05.17 වන දින නාරාහේන්පිට පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුසිත හල්ලොලුව නැමැති අය හා තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතී.2025.05.27 වන දින වත්තල හා කිරුළපන ප්‍රදේශ වලදී කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ජංගම දුරකථන 04 ක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.සැකකුරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලිසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.සිද්ධිය සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩිතබා ලිපිගොනුව පැහැර ගත් කුලී වෙඩික්කරුවන් දෙදෙනාට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.එම මුදල් ගෙවා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල අපරාධකරුවකු බව කියන කෝපිකඩේ අප්පුවාගේ පුත්‍රයා විසින් බවත් එම මුදල් එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.මෙම සිද්ධියට සම්බන්ධ කුලී වෙඩික්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.සැලසුම් කළ පුද්ගලයන් සහ ඩුබායි පාතාලයන් අතර පවතින සම්බන්ධතාවද සොයාබලාගෙන යන බව විමර්ශන නිලධාරීහු පවසති.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ ව්‍යාපාරයක මුදල් ආයෝජන කළ බවට තුසිත හල්ලොලුව මහතා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබිණි.ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර හල්ලොලුව මහතාගෙන් පැය 07ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.මෙම ප්‍රකාශය ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන් හල්ලොලුව මහතාට දැනුම් දී තිබිණි.ඊට අවශ්‍ය සාක්ෂි තමන් සතු බවද හල්ලොලුව මහතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබුණු නමුත් ඒ මහතා ගමන්ගත් මෝටර් රථයට නාරාහේන්පිට දී ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුර දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img