Saturday, October 24, 2026
HomeNEWSකථානායකතුමාට එරෙහිව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්.

කථානායකතුමාට එරෙහිව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක්.

කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත පැමිණිලි කිරීමට අද විපක්ෂයේ දේශපාලන පක්‍ෂ අතර එකඟතාවයක් ඇති වූ බව විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.අද උදෑසන පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සහ අද දිනයේ විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.දීර්ඝ කාලයක් තිස්සේ පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය,වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ පැවති කිසිදු අංගයන් කෙරෙහි අවධානයක් යොමු නොකර කථානායකවරයා සිදු කරන මෙම ක්‍රියාවලිය දැඩි ලෙස තමන් හෙලා දකින බවද මන්ත්‍රීවරයා පැවසීය.දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ කතානායකවරයා,සභානායක අමාත්‍ය බිමල් රත්නායක පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිදු කරන ලද පැමිණිල්ල පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හරහා කථානායකවරයා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දෙයාකාරයකට සලකන බව මනාව පැහැදිලි වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img