Saturday, October 24, 2026
HomeBreaking newsපාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්... සජිත් සමග මන්ත්‍රීවරු 40 ක් නැගී සිටිති.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්… සජිත් සමග මන්ත්‍රීවරු 40 ක් නැගී සිටිති.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ස්ථාවර නියෝග 19 (1) අනුව හදිසි තත්ත්වයක් සේ සලකා ඊශ්‍රායල ඉරාන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැඟී සිටියා.එහිදී සභාවේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් මතුවිය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙම යෝජනාව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා අදහස් දක්වමින් අද සවස තුනයි තිහට මේ සඳහා අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව කරුණු මතුකලා.විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මධ්‍යයේ එම විවාදය පැවැත්වීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායක කැමැත්ත පළකළා.සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කියා සිටියේ ඊයේ සවස මෙම කල්තැබීමේ විවාදයක් පැවති අවස්ථාවේදී ඊට විරුද්ධ පක්ෂය සහභාගී නොවූ බවයි. ඒ වගේම අද උදෑසනද මේ ගැන කතා කිරීමට විරුද්ධ පක්ෂයට හැකියාව තිබියදී ඉන් ප්‍රයෝජන නොගත් බවත් අද සවස 3.30 සිට 5. 30 දක්වා මෙම විවාදය පැවැත්වීමට ආණ්ඩුව එකඟතාවය පළ කරන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img