නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය…වාර්ෂිකව පුහුණු නාවිකයින් 5000 ක් බිහිකිරීමට රජය බලාපොරොත්තු වේ…නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍ර රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම රජය බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. කැම්බර් ටෙක්නික්ස් ට්‍රේනින් සෙන්ටර් විවෘත කිරීමේ අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී පෞද්ගලික අංශයේ පුහුණු ක්‍රියාකාරකම්, රාජ්‍ය ධාරාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති වලට එකඟ වෙන ලෙස සකසමින් උපාධි ලබාදීමේ ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කළ යුතු බවයි. ඉදිරි මාස 6 ඇතුළත පෞද්ගලික අංශයට රාජ්‍ය සහාය ලබා දීම පිළිබඳව ද අවධානය යොමුව ඇත. එමගින් ජාත්‍යන්තර සමග තරග කල හැකි ශ්‍රි ලාංකේය විශිෂ්ට ශ්‍රමිකයන් ක්ෂේත්රයට එක් කිරීමේ හැකියාව ලැබේ. කැම්බර් ටෙක්නික්ස් ඒවියේෂන් ට්‍රේනින් සෙන්ටර් විවෘත කිරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ගුවන් හා නාවික ක්ෂේත්රයේ ශ්‍රී ලාංකිය ශ්‍රමිකයන්ට විශේෂිත අවධානයක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් මේ වන විටත් හිමිව ඇති බවයි.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය






















