Thursday, September 3, 2026
HomeNEWSළමයින් වෙළඳාම් වැඩවලට යොදාගත්තොත් වැඩ වරදී.

ළමයින් වෙළඳාම් වැඩවලට යොදාගත්තොත් වැඩ වරදී.

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත.ළමා වෙළෙඳාම බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධයක් වශයෙන් සලකනු ලබයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමු යටතේ වන බැදීම් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සිය ජාතික ප්‍රතිචාරය නෛතික ආයතන සහ කාර්ය පටිපාටිමය යාන්ත්‍රණයක් තුළින් සවිමත් කිරීමට කැප වී සිටී. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් හා එක්ව “ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරිම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය” යනුවෙන් පුළුල් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර ඇත. එකී සම්මත මෙහෙයුම් පටිපාටිය සඳහා නීතිපතිගේ නිෂ්කාශණය ලැබී තිබේ. ඒ අනුව, ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය අදාළ පාර්ශ්වකරුවන් විසින් විධිමත් ව ක්‍රියාවට නැංවීමට හැකිවන සේ එකී සම්මත මෙහෙයුම් පටිපාටිය රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img