Sunday, September 20, 2026
HomeNEWSLatest Newsඅවුරුදු 60 ඉක්ම වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමෙන් ගැටලු රැසක්- රාජ්‍ය සේවා...

අවුරුදු 60 ඉක්ම වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමෙන් ගැටලු රැසක්- රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය.

හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීම හේතුවෙන් ඉදිරියේ දී ගැටලු රැසක් ඇතිවිය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ, විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම හේතුවෙන් පවතින හෙද හිඟය තවදුරටත් උග්‍රවනු ඇති බවය.හෙද නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.ඒ අනුව අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් අභියාචනාධිකරණයේ තීන්දුව අත්හිටුවීමට පසුගිය මාර්තු මස 6 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.එම නියෝගයට අනුව අවුරුදු 60 සම්පූර්ණ වු සියලු හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 4 වන දින චක්‍රලේඛයක් නිකුත් කර ඇත.අදාළ චක්‍රලේඛය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පළකළේ මෙවන් අදහසකි.”අද පවතින තත්ත්වය තුළ හෙදියන් තුන් දෙනෙකුගේ වැඩ එක් හෙදියකට කරන්න සිද්ධවෙලා තියෙනවා. මේ හේතුව නිසා හෙදියන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 දක්වා දික්කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළේ නෑ. දැන් මේ සියල්ල සැලකිල්ලට ගෙන නඩුව තියෙනවා ජුලි 17 වෙනිදා. ඊට කලින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා හැමෝටම අවුරුදු 60න් විශ්‍රාම යන්න කියලා. ඇත්තටම අපිට තේරෙන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන්ට මොකද වුණේ කියලා.”කෙසේවෙතත් හෙද නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අඩුකිරීම ගැටලුවක් නොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. බී මැදිවත්ත මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img