Wednesday, August 26, 2026
HomeNEWSපහළොස් හැවිරිදි පාසල් දරුවෙකුට ඒඩ්ස්.. පාසල් දරුවන් ගැන සැලකිලිමත් වන ලෙසට දෙමව්පියන්...

පහළොස් හැවිරිදි පාසල් දරුවෙකුට ඒඩ්ස්.. පාසල් දරුවන් ගැන සැලකිලිමත් වන ලෙසට දෙමව්පියන් වෙත ඉල්ලීම්.

මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස් පළිපාන මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව අනාවරණය කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, බොහෝ පාසල් සිසුන් පාසල් ‍හෝ උපකාරක පන්තිවලට සහභාගී නොවී අනවශ්‍ය තැන්වලට යන බවය.”පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනවා කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ. එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩ රෝගත් තියෙනවා. සොරබොර වැවට ළමයි 15ක් විතර උදේට ගිහින් තිබුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෙනම ගාඩ් එකක් දාලා තියෙන්නේ. මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15ක ළමයෙකු ඒඩ්ස්වලට ගොඳුරුවූ බව ළඟදි අනාවරණය වුණා. අවුරුදු 16ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.” ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකන් දැනුවත් කිරීම සඳහා ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මහිංයංගණය ප්‍රදේශයේ බොහෝ පාසල් ළමුන් රූපලාවන්‍යාගාර වෙත යොමුවීම කරදරකාරී තත්ත්වයක් බවය.”මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි’ හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවන්‍යාගාරවලට ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත්බව නැති කරගන්නවා. ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස්වෙන්න උත්සාහ කරනවා ද දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිතා කරලා සමහර අයගේ මුණවල්වලින් ගන්න දෙයක් නැහැ. විරුපී වෙලා.”බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා විශේෂ දේශනය පවත්වමින් කියා සිටියේ, වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිතා කරන ඇතැම් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනෙකු අතුරු ආබාධයන්ට ලක්වන බවය. මේ අයුරින් බදුල්ල ශික්ෂණ රෝහලේ සායනවලටද පැමිණෙන කාන්තාවන්ගේ වැඩිවීමක් තිබෙන බවද ජයසිංහ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img