2026 අයවැය ප්‍රගතිය ගැන රජයෙන් කළ ප්‍රශ්න කිරීමට තවමත් පිළිතුරු නැහැ – වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි
ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයක් සඳහා රජය පිළිතුරු ලබා නොදීම නිසා වරප්‍රසාද කඩ වු බවත් එහිදී පොදු වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් අමාත්‍යාවරයාට විධිමත් ලෙස දැනුම්දිමෙන් පසු පාර්ලිමේන්තුවේ විරුදධ පක්ෂ නායකයා හෝ වෙනත් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයකු ඇසිය හැකි බවත් ඒ අනුව 2026.10.22 දින තමා විසින් 2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ප්‍රශ්න කළ මුත් මාසයක් ගියත් තවම පිළිතුරු නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද කඩවුණු බවට ප්‍රකාශයක් කරමිනි.
2027 අයවැය දෙවැනි වර විවාදයත් දින පහක් ගත වී ඇති මුත් පෙර වසරේ අයවැය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය මුදල් ඇමතිවරයා අපොහොසත් වී ඇති බවත් ජාතික අයවැය ක්‍රියාත්මක කිරීම වැනි රටේ ආර්ථිකයට වැඩි බලයක් ඇති කරුණක් ගැන පිළිතුරු නොදීමම ගැටලුවක් බවත් 2026 අයවැය ප්‍රගතිය ඉදිරිපත් කරන්න බැරි රජයක් රට පාලනය කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පිළිතුරු සකස් කිරීමට කාලය අවශ්‍ය වීම නිදහසට කරුණක් නොවන බවත් 2027 අයවැය හදන්න නම් 2026 අයවැය ප්‍රගතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම අයිතිය පාර්ලිමේන්තු කාර්යයයේ මුලික අයිතියක් බවත් ස්ථාවර නියෝග 27(2) යටතේ හදිසි කරුණක් ගැන පක්ෂ නායකයකුට විමසිය හැකි බවත් මෙය පාර්ලිමේන්තු විවාදයක් නොකර අයවැය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද අයවැයට උඩින් ගොස් 1/3 වී වගාව තහනම් කරන්න රජය තීන්දු කර ඇති නිසා මේ කරුණු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙසේ පිළිතුරු නොදීම නිසා වරප්‍රසාද උල්ලංඝනය වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.






















