Wednesday, August 26, 2026
HomeNEWSශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා.

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා.

ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් ජපානයේ විශේෂ දූත පිරිසක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සමඟ අද (09) සාකච්ඡා පවත්වා තිබේ.කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා සමඟ මෙම සාකච්ඡාවට ජපානයේ Oita ප්‍රාන්තයේ මහජන සහයෝගිතා පදනමේ ප්‍රධානී, වන කර්මාන්තය සම්බන්ධ සමාගම් ප්‍රධානීන් , IM Japan කොළඹ කාර්යාලයේ නියෝජිතයින් එක්ව ඇත.එහිදී ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තාක්ෂණික පුහුණුලාභීන් යොමුකිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම පිරිස තංගල්ල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ජපන් පෙර විගමණික පුහුණුව පිළිබඳවද කරුණු සොයාබලා ඇත. ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ජපන් නියෝජිතයින්ට ස්තූති කළ අතර, ඔවුන්ගේ රැකියා වැඩසටහනට උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img