Tuesday, August 25, 2026
HomeNEWSරනිල් ඇමෙරිකාවෙන් ලබාගන්න ගිය ඩොලර් මිලියන 415ක ප්‍රධානය එපැයි කියපු අය ගැන...

රනිල් ඇමෙරිකාවෙන් ලබාගන්න ගිය ඩොලර් මිලියන 415ක ප්‍රධානය එපැයි කියපු අය ගැන ට්‍රම්ප් ජනාධිපතිතුමා දන්නා බව වජිර පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (10) රාත්‍රියේ යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රි දේවරක්ඛිත විහාරස්ථානයේ පැවැති ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්.අද අපේ රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තිබෙන්නේ ඇමරිකාව විසින් අපේ රටට පනවනු ලැබූ බදු ප්‍රතිපත්තිය සම්බන්ධවයි. ඒ නිසාම ශ්‍රී ලාංකික මහජනතාව මේ පිළිබඳ හොඳ අවධානයකින් යුතුව ක්‍රියා කළ යුතු වෙනවා. මේ අනතුර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණා. ඒ නිසා තමයි එතුමා 2015 පාලන කාලයේදීත්, ඉන් මෙහාටත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේශන් වැඩසටහන ශ්‍රි ලංකාවට හඳුන්වලා දෙන්න උත්සාහ කළේ. මට මතක විදිහට ඩොලර් මිලියන 415 ග්‍රාන්ට් එකක්, ඒ කියන්නේ තෑගි මුදලක් ඇමරිකාවෙන් ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරමින් සිටියේ. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ සිටි විවිධ කණ්ඩායම් හැසිරුණු ආකාරය ශ්‍රී ලංකාවේ මහජනතාව නැවත සිහිපත් කරගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියටත්, සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළ අවස්ථාවේදී මේ කටයුත්ත එදා ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලාංකික මහජනතාව ඉඩ දුන්නා නම් ආසියාවේ ප්‍රථම බදු සහනය ලැබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බොහෝ අය කතා වෙනවා ඇමරිකානු බදු සියයට 44 සිට සියයට 30 ක් දක්වා අඩු වුණා කියලා. මම නම් හිතන්නේ මෙය ලැජ්ජ විය යුතු කාරණයක්. ඔබ හොඳින් මතක තබා ගත යුතුයි, මේ වගේ අවස්ථාවක වැදගත් වෙන්නේ කල් වේලා ඇතිව ජාත්‍යන්තරයේ හැසිරවීම අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයින් රට පාලනය කිරීමයි. ඒ නිසාමයි මම විවිධ අවස්ථාවල ඒ දේ ප්‍රකාශ කළේ. දැන් අපි මොනවා කතා කළත් වැඩක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව දන්නවා ශ්‍රී ලංකාව මම කලින් සඳහන් කළ ග්‍රාන්ට් එක දෙන්න යනකොට හැසිරුණේ කොහොමද කියලා. “සමහර අය කිව්වා අනුරාධපුරයට යන්න වීසා ගන්න වෙයි කියලා.” “සමහර අය කිව්වා ත්‍රිකුණාමලයට යන්න වීසා ගන්න වෙයි කියලා.” මෙහෙම රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. දැන් එහි පාඩුව සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව භුක්ති විඳිමින් තිබෙනවා. මේක ඇත්තටම සාකච්ඡා කරන්න තිබුණු කාරණයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක කල් වේලා ඇතිව දැකපු නිසා ගෝලීය දේශපාලනය, එහෙම නැතිනම් ආසියාවේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් තිබෙන නිසා තමයි එතුමා කල් වේලා ඇතිව සූදානම් වීමට ක්‍රියා කළේ. නමුත් එයට ඉඩ දුන්නේ නැහැ. එය කඩාකප්පල් කළා. දැන් ඉතින් කුඩා කුඩා සාකච්ඡා මාර්ගයෙන් හරි මහජනතාව ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා. මෙය කලින් අවස්ථාවේ ක්‍රියාත්මක කර තිබුණා නම් අද මේ දිනුම ලබාගන්නේ වියට්නාමය නෙමෙයි, එහෙමත් නැතිනම් ආසියාවේ වෙන රටක් නෙමෙයි, ශ්‍රී ලංකාව තමයි ආසියාවේ බලවත්ම රට වෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඔබට සිහිපත් කරනවා. දැන් ඉතින් කොහොම වෙතත් මම කලින් සඳහන් කළා වගේ කඩාකප්පල් කර විශාල ක්‍රියාදාමයක් පොඩි පොඩි වැඩතුළින් නැවත ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මේ තුළින් මහජනයාට පීඩනයක් මිස සහනයක් නම් ලැබෙන්නේ නැහැ. මේ ක්‍රියාදාමය පිළිබඳ ශ්‍රී ලාංකික මහජනතාව විසින්ම දැනුවත් විය යුතුව තිබෙනවා. අපෙත් වරදක් තිබෙනවා. අපිටත් මෙය ජනතාවට තේරෙන ආකාරයට තේරුම් කර දෙන්න බැරි වුණා. අපි කියපු දේත් මහජනතාවට තේරුම් ගන්න බැරි වුණා. කොහොම හරි මහජනතාව සත්‍ය අවබෝධ කරගත්තේ නැහැ. කොහොම නමුත් මට ශ්‍රී ලාංකික මහජනතාවට සිහිපත් කරන්න තිබෙන්නේ, මේ ප්‍රශ්න ඇති වෙන්න කලින් මේ ප්‍රශ්න විසඳන්න පුලුවන් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කරලා අද මහජනතාව දුක් විඳිනවා. මෙම අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද කාරියවසම් මහතාත්, ප්‍රදේශය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් රැසක් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගීව සිටියහ.එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img