Tuesday, August 25, 2026
HomeNEWSරුසියාවේ සහයෝගය අඛණ්ඩවම ශ්‍රී ලංකාවට ලබාදෙන බවට රුසියානු විදේශ කටයුතු ඇමැති විජිත...

රුසියාවේ සහයෝගය අඛණ්ඩවම ශ්‍රී ලංකාවට ලබාදෙන බවට රුසියානු විදේශ කටයුතු ඇමැති විජිත ඇමතිට සහතික වේ.

මැලේසියාවේ පැවැත්වෙන ASEAN හි අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වී සිටින, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ජූලි 10 වන දින රුසියානු විදේශ අමාත්‍ය ගරු Sergey Lavrov මහතා හමුවූවේ ය.මෙහි දී ශ්‍රී ලංකා-රුසියානු සබඳතා පිළිබඳව සහ ජාත්‍යන්තරයේ දෙරටට අදාළ කරුණු පිළිබදව සාකච්ඡා කළහ.පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් බ්‍රික්ස් සමග සමීපව කටයුතු කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් කළ සන්නිවේදනය පිළිබඳව රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් මහතා සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාවේ මෙම පියවර පිළිබඳව රුසියාව සිය කැමැත්ත ප්‍රකාශ කළ අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයකට නිසැකවම සහාය දීමට සූදානම් බව ද ප්‍රකාශ කළේය.තවද, ශ්‍රී ලංකාව දිගු කලක් දකුණු ආසියාවේ රුසියාවේ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වී ඇති බව අමාත්‍ය ලැව්රොව් මහතා තවදුරටත් සඳහන් කළේය. ද්විපාර්ශ්වික සබඳතාවල පුළුල් සහ ධනාත්මක ඓතිහාසික ගමන්මග සිහිපත් කරමින් අනාගත සහයෝගීතාවය සඳහා තවදුරටත් දෙරට අතර සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව සමඟ පවත්නා දිගුකාලීන මිත්‍රත්වය සහ විශේෂයෙන් තීරණාත්මක කාලවලදී අඛණ්ඩව රැසියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූති කළේය. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා අගය කළ ඔහු, බහුවිධ අංශ හරහා සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img