Tuesday, August 25, 2026
HomeNEWSඊශ්‍රායල් ප්‍රහාරයකින් ගාසා හි ළමුන් පිරිසක් මරුට.

ඊශ්‍රායල් ප්‍රහාරයකින් ගාසා හි ළමුන් පිරිසක් මරුට.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්‍රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් ද මිය යන්නේ ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකය උත්සන්න කරමින්. එවැනි තවත් ඛේදනීය සිද්ධියක් ජාත්‍යන්තර මාධ්‍ය මඟින් වාර්තා කර තිබේ.ඒ මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් – බලාහ් නගරයේ සෞඛ්‍ය සායනයක ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තැබීමයි. එහිදි කාන්තාවන් ළමුන් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.මිය ගිය කුඩාම ළමයාගේ වයස අවුරුදු 2ක්. මිය ගිය වැඩිම වයසකින් යුත් ළමයාගේ වයස අවුරුදු 14ක්.එම සිද්ධියෙන් විපතට පත් ළමුන්ගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.මෙවැනි වෙඩි තැබීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.එහෙත් ඊශ්‍රායලය සිදුකරන එවැනි විමර්ශනවලින් මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නැහැ.ගාසා තීරයට මේ ආකාරයට ඊශ්‍රායල හමුදාවලින් අඛණ්ඩ ප්‍රහාර එල්ල වන්නේ ගාසා වැසියන් අවතැන් කිරීම සඳහා ඊශ්‍රායලය සහ අමෙරිකාව සැලසුම් ඉදිරිපත් කරන පසුබිමකය.ගාසා තීරයේ විවිධ ප්‍රදේශවලට ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 82කි. මධ්‍යම ගාසා තීරයේ වෛද්‍ය සායනයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය 15 දෙනා ද ඊට ඇතුළත්ය.වෛද්‍ය ප්‍රතිකාර සහ පෝෂණ සැපයුම් ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටියදී වෙඩි පහරට ලක්ව මිය ගිය 15 දෙනාට ළමයින් 9 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ඇතුළත් වේ.සාම සාකච්ඡා මගින් එකඟතාවයකට පැමිණෙන ලෙස ඊශ්‍රායලය එල්ල වන බලපෑම ඉහළ යද්දී ඔවුන් ගාසා තීරය වෙත ප්‍රහාර උත්සන්න කිරීමේ ප්‍රවණතාවක් ද දැකිය හැකිය.ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ ආකාරයට පසුගිය මාසය තුළ පමණක් ගාසා තීරණයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය පලස්තීනුවන් සංඛ්‍යාව 3000කට අධිකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img