ආයුබෝවන් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය අද දින මෙම මාධ්‍ය හමුව කැඳෙව්වේ විශේෂයෙන්ම වර්තමාන රජය විසින් ඉන්දියාව සමග ඇතිකරගෙන තියෙන ගිවිසුම් එකඟතාවයන් සමඟ මේ මොහොතේ මේ රට මුහුණ දෙන, දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය අද විසින් දකින අනතුර සම්බන්දයෙන් සහ වර්තමාන දේශපාලන තත්වය සම්බන්දයෙන් ජනතාව දැනුවත් කරන්න. ඉතින් අපි පැහැදිලිව ම දැන් දකිනවා මේ මොහොතේ නිශ්චිත වශයෙන් ගත්තාම ජපන් සමාගමකට 51%ක කොටස් අයිති වෙලා තිබ්බ කොළඹ ඩොක්යාඩ් එක දැන් ඉන්දියානු සමාගමකට ලබා දීමේ ක්‍රියාවලියක් / ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා, සහ ඒක ඉතාම තදින් දැන් ක්‍රියාත්මක වෙනවා. කොළඹ වාරය ඇතුලේ අක්කර 25කට විතර භුමියකට අයිති වෙන මේ විශාල ලංකාවේ අයත් වෙලා තිබ්බ සම්පතක් වෙච්ච මේ ඩොක්ටරඩ් එක 2003 විතර වෙනකොට එවකට බලයෙ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ ප්‍රභූවරු විසින් මේක 51%ක කොටස් ජපානය වෙත ලබා දෙනු ලැබුවා. නමුත් දැන් මේ නිශ්චිත මොහොත වන විට මේක නැවත ඉන්දියාව අතට ලබා දීමේ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකත් එක්ක අපි දකිනවා මේ ඉන්දියාවේ කුමන සමාගමක් ද මේ කොළඹ අපේ ඩොක් වාරයෙ තියන ඩොක්යාඩ් එක තමන්ගේ අතට පත් කර ගනිමින් සිටින්නේ. ඒ තමයි ඉන්දියාවේ රජයට අයත් වන 80%කට වැඩිය කොටස් තියනවා යැයි පැවසෙන, ඉන්දියානු සමාගමක් තමයි මේ කොටස් අත් පත් කර ගනිමින් සිටින්නේ. සහ එහි ප්‍රධානියා වශයෙන් ඉන්නේ ඉන්දියානු නාවික හමුදාවේ හිටපු නිලධාරීවරයෙක්. එතකොට පැහැදිලිව ම අපිට දැන් සැකයක් සහ කාරණා මතු වෙමින් යනවා මේ නිශ්චිත මොහොතේ දී කොළඹ වරාය තුළ / ඩොක්යාඩ් එක නැව් නිර්මාණය කිරීමේ, එනම් නැව් නිෂ්පාදනය කරන්න, repair කරන්න සහ අනෙක් කටයුතුවලට පාවිච්චි කරන්න පුළුවන් මේ සම්පත ඉන්දියානු රජයට එක අතකින් ලබා දෙන ගමන්, අනික් පැත්තෙන් මේ ඉන්දියාවේ තියෙන යුධමය අවශ්‍යතා සඳහා මේ අපේ රටේ තියෙන මේ සම්පත ඉන්දියාව අතට පත්කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මකයි. ඒක කාරණා කිහිපයක් ගත්තම රටට අනතුරක් හැටියට අපි දකිනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් ම මේ රටේ නිශ්චිත වශයෙන් ලංකාවේ ව්‍යවසායකත්වයකට, ලංකාවට යටත් කරලා, ලංකාවේ මුදල් හම්බ කරන්න උත්පාදනය කරන්න නිර්මාණය කරන්න පුළුවන් මේ සම්පත එක පැත්තකින් වෙනත් රටකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේක යුධමය කටයුතුවලට භාවිතා කිරීමේ අවධානමක් ඇතුලේ ලංකාව සහ මේ ඉන්දියානු කලාපය ඇතුලේ මුහුදු කලාපය සහ විශේෂයෙන්ම කොළඹ වරාය තර්ජනයට ලක් වෙවී දැනටත් තියෙනවා. පැහැදිම අපි දන්නවා 1971 ලංකාව අත්සන් කරලා තියෙන එක්සත් ජාතීන්ගේ සම්මුති අනුව මේ ඉන්දියානු කලාපය සහ මේ මුහුදු කලාපය යුධමය කටයුතුවලින් නිදහස් විය යුතුයි කියන සම්මුතියකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට යුධමය කටයුතුවලට / යුධමය කාරණාවලට යටිතල පහසුකම් සැපයීම, ඒකට භූමිය නිර්මාණය කර, ඉඩ නිර්මාණය කර දීම මේ ඉන්දියානු මුහුදු කලාපය තුළ කරන් නෑ කියන එකඟතාවයක් තියෙනවා. එතකොට ඒ කාරණත් උල්ලංඝනය වීමේ අනතුරක් පැන නැඟිලා තියෙනවා. එතකොට මේ සියල්ල ඇතුලේ ම අපිට නැවත මතු වෙන කාරණාව තමයි, දැන් ගිය අප්‍රේල් මාසයේ පැහැදිලිවම ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවට ආවා. මෝදි අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරා. එතකොට ඒ ආරක්ෂක ගිවිසුම මොකද්ද කියන එක අපේ ලංකාව පාර්ශවයෙන් අපේ ආණ්ඩුව විසින් අපේ රටේ ජනතාවට / පුරවැසියාට එළි නොකරමින්, “ඒක ඉන්දියාවෙන් අහන්න ඕනෙ. නැහැ අපි ඒක පෙන්නන්නේ නැහැ. නෑ අපි පෙන්නන්නම්. ඉස්සරහට පෙන්නන්නම්. ලොකු අයියගෙන් අවසර ඕනෙ” කියලා මේක ඇද ඇද ඇද ඇද යන අතරතුර, අපි දකිනවා ඉන්දියාවේ මාධ්‍ය විසින් / ඉන්දියාව විසින් මේ ගිවිසුම ගැන යම් යම් තොරතුරු ප්‍රමාණයක් මාධ්‍යට නිකුත් කරනවා එතකොට මේ තොරතුරු මත පදනම් වෙලා තමයි අපිට යම් යම් සාධාරණ කාරණා නිර්මාණය කරගන්න වෙන්නේ සහ මේ තොරතුරු ග්‍රහණය කරගන්න වෙන්නේ. එතනදි අපි පැහැදිලිවම දකින දෙයක් තමයි මේ ගිවිසුම ඇතුලේ තියෙනව, මේ කලාපය ඇතුල ට ආරක්ෂිත යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ එකඟතාවයක්. එතකොට මේවලට යටත්ව දැන් ආරක්ෂක ගිවිසුමේ තියෙනවා යම් යම් කාරණාවල මේ නැව් නිෂ්පාදනය කිරීම මේවා යුදමය නොවන ආරක්ෂක කිසිම අත්සන් කරනවා වගන්තියක්, යුධමය නොවන නාවික කටයුතු කරනවා කියලා. ඉතින් අපිට නම් තේරෙන්නේ නෑ මොකක්ද ඒ කරුණාව කියලා. යුධ ගිවිසුමක් අත්සන් කරලා, ඒක වෙළඳ ගිවිසුමක කාරණා ඒක ඇතුලට දාන්නේ. එතකොට දැන් එහෙම නිශ්චිත කාරණා කීපයක් ඇතුළත ඉන්දියානු මාධ්‍ය වාර්තා කරපු ආකාරයට ඔවුන් පැහැදිලිවම කියනවා මේක චීනයට විරුද්ධව ඔවුන් ඉන්දියානු සාගර කලාපය ශක්තිමත් කිරීම, එහෙම නැත්නම් ඒක බල ගැන්වීම ඇතුලේ ඔවුන්ට මේ strategically, ඒ කියන්නේ ඔවුන්ට උපක්‍රමිකව අඩි තියාගන්න තැනක් හම්බුනා කියන එක තමයි ඔවුන් වාර්තා කරන්නේ. පැහැදිලිව ම ඉන්දියාව කියනවා, චීනයට විරුද්ධව ඔවුන් මේ ඉන්දියානු සාගර කලාපයේ කරන මෙහෙයුම්වලදී ඔවුන්ට උපක්‍රමිකව අඩිය තියාගන්න තැනක් හම්බවුණා කියලා, මේ ඩොක්ටර් එක ගන්න එක ඇතුලෙ. එතකොට අපි අහනවා මේ ආණ්ඩුවෙන් “ඔබ විසින් මෙහෙම ඉඩක් නිර්මාණය කර දීම මේ රටට කොහොමද බලපාන්නේ කියන කාරණාව?” එදා අපි ඇහුවා වගේම, මේ ගිවිසුම් අත්සන් කරනකොට අප්‍රේල් 5 වෙනිදා අපි ආණ්ඩුවෙන් ඇහුවා වගේ ම ඔබ මේ කරන්නේ ලංකාව අනවශ්‍ය ගැටුම් වලට යටත් කිරීම නොවේද? කියන කාරණාව අපි අහන්න කැමතියි. එතකොට පැහැදිලිව අපි දන්නවා දැන් මේ කාරණා කිහිපය ඇතුලේ, එකක් තමයි මේ ඉන්දියාවට ලංකාවට කරන්න පුළුවන් බලපෑමට අදාළ ව මේ භූමිය නිර්මාණය කරනවා, යටිතල පහසුකම් නිර්මාණය කරනවා. දැන් ජපන් රජයට අයිති වෙලා තිබ්බ 51%ක කොටස් ජපානය විසින් ඉන්දියාවට දෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි පැහැදිලිව අපි දන්න කාරණාවක් තියෙනවා. මං නිවැරදි නම් 2003 වෙනකොට ජපානයට මේ කොටස් ටික පවරා දෙනකොට ඒ ගිවිසුම්වල තියෙනව භාණ්ඩාගාරයට සහ මුදල් අමාත්‍යංශයට අයිතියක් තියෙනවා මේක ඊළඟට කාටහරි පවරනවා නම් ඒකට මැදිහත් වෙන්න. දැන් ඒ මැදිහත් වීම නොකර ආණ්ඩුව අත පිහද ගන්න හදන සේයාවක් අපිට පේනවා. නෑ නෑ මේක ජපානෙ තමා ඉන්දියාවට දෙන්නේ. අපිට කරන්න දෙයක් නෑ වගේ කතාවක්. දැන් මේක ද මේ ජවිපෙ උරුමයක් තියෙන, ජවිපෙ ඉතිහාසේට ගැට ගැහිච්ච ආණ්ඩුවෙ වගකීම? “අනේ අපිට මොකුත් කරන්න දෙයක් නැහැ. මේක ජපානෙ දෙනවා.” නෑ ඒක නෙමෙයි ඔබේ වගකීම සහ ඔබට ඒ නීතිමය කාරණා මගහරිමින්, අතපසු කරමින් ක්‍රියා කිරීම අපි තරයේ හෙළා දකිනවා. ඒ වගේම අපි පැහැදිලිව කියනවා. මේ නිශ්චිත මොහොතේදී අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන්න ඕනේ. ආයෝජන ගෙන්නෝනෙ. හැබැයි ආයෝජන ගෙන ඒම, ගනුදෙනු කිරීම කියන්නේ මේ රටේ ස්වාධිපත්‍ය බිම දාලා, මේ රටේ කොන්ද කඩලා, මේ රට තවත් ලෝකයේ යුද පිටියකට සෙල්ලම් බිමක් කරන එක ක්‍රියාත්මක කරන එක නෙවෙයි කියන කාරණාව අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. පැහැදිලිව ම මේ ඉන්දියානු සමාගමට මේක ලබා දීම හරහා ඔවුන් මේ භුමිය පාවිච්චි කරමින්, මේ සම්පත් පාවිච්චි කරමින් යුධ නැව් නිෂ්පාදනය කිරීම, සම්මැරීන් නිෂ්පාදනය කිරීම, නැත්නම් මේ කලාපයේ ආයුධ ගබඩා කිරීම හෝ ඔවුන් කියනාකාරයකට මේක ඔවුන් මරමස්ථානයක් හැටියට පාවිච්චි කිරීමට කටයුතු කළොත් ඒකෙ බලපෑම අපිට තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ ඉරානයේ සහ ඊශ්‍රායලය අතර ඇති වෙච්ච ගැටුමත් එක්ක ඇමරිකාව විසින් ඉරානයට පහර දුන්නා. ගිහිල්ලා බෝම්බ දැම්මා. හැබැයි ඉරානය ඒකෙ පලිය ගත්තේ කොහොමද? අර කටාර් වල තියෙන ඇමරිකානු බේස් එකට ගහලා. දැන් කොහෙවත් හිටිය කටාර් රාජ්‍යයට වෙනම මිසයිල ප්‍රහාරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා, ඇයි? ඇමරිකානු කඳුරක් තිබීම නිසා. දැන් අපිත් මේ හදන්නේ, එවැනි තර්ජනයක් ගෙට කැඳවාගන්නද? අපේ ජනවහරෙ තියෙනවා අහක ඉන්න නයි රෙද්ද ඇතුලේ දාගන්නවා කියලා කතාවක්. නේ? දැන් මේ ආණ්ඩුව කරන්න හදන්නෙත් අහක යන නයි මේ ඇතුලට දාගන්න වැඩක් ද? එතකොට මේ අවම දැනුමවත් මේ පාලකයන්ට තේරෙන්නේ නැද්ද මේ රට ඉදිරියේදී හෙලන්න යන අනතුර මොකක්ද කියන කාරණාව. ඉතින් පැහැදිලිව ම අපි විස්වාස කරනවා මේ රටේ දේශමාමක, ජාතිමාමක ජනතාවත් එක්ක අපි දැන් පෙළ ගැහෙන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැහැ, මේ රටේ සම්පත් වෙන රටවලට කුණු කොල්ලෙක දීලා දානකන් ඇස් කම් පියාගෙන ඉන්න. දෙවෙනි කාරණාව තමයි ඒවා යුධමය කටයුතු වෙනුවෙන් භාවිතා කරන්න ඉඩ හදලා, ඒකට පිටිපස්ස හරවාගෙන ඉන්න සහ ඉන්දියාවේ හෝ චීනයේ කෙලි බිමක් බවට මේක පත් කරන්න. ඒ වගේ ම තමයි අපි සාධාරණ සැකයක් ඇතුව අහනවා, දැන් ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ආරක්ෂක ගිවිසුම්වල අතුරු ප්‍රතිඵල නෙවෙයිද මේ එළියට එන්නේ? ඔබ පැහැදිලි කරන්න මේ ජනතාවට රටට ඔබට පැහැදිලි කරන්න මේ ඉන්දියාවත් එක්ක අසං කරපු ඔබ විසින් ජනතාවට, රටට මේ ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ඔබ විසින් ජනතාවට එළි නොකරන, ඔබ විසින් පුරවැසියන්ට කියන්නේ කියන්නෙ නැති, (ඒක අපිට සාධාරණ සැකයක් ලෙස මතුවෙනවා) මේ ගිවිසුම්වල තියෙන කාරණා නෙවෙයිද මේ ක්‍රියාත්මක වෙලා එළියට එන්නේ කියන කාරණාව අපි අහන්න කැමතියි. ඉතින් මේ කාරණාවත් එක්ක අපි මේ රටේ ඉන්න මේ ඉතිහාසයේ ජවිපෙ සුවඳට ආදරය කරන මිනිස්සුන්ගෙන් අපි අහනවා, අපි බලන් ඉන්න පුළුවන්ද වාම කඳුරේ වාම සුවඳ තියෙන මිනිස්සුන්ගෙන් අපි අහනවා, මෙහෙම ඉන්දියාවේ කෙළි මඩලක් කරන්න මේකට ඉඩ දෙන්න අපිට බලන් ඉන්න පුළුවන්ද? මිනිසුන්ගෙන් අපි අහනවා, මේ රටේ ස්වාධීන ස්වෛරීත්වය නැතිවෙන වැඩ කරනකන් අපි නිහඬ ව ඉන්න ඕනද? එහෙම නම් දැන් අපි බල කරන්න අවශ්‍යයි මේ ආණ්ඩුවට, මේ ආක්‍රමණික ඉන්දියාවටත් මෙවැනි වැඩවලට ඉතිහාසය අපි ඉඩ දුන්නෙත් නැහැ. වර්තමානයේ අපිට තියන්නෙත් නෑ කියන කාරණාවක්. ඒ වගේම තමයි අපිට තව සාආධාරණ සැක කිහිපයක් මතුවෙන අවස්ථා තියෙනවා. පහුගිය කැබිනට් මණ්ඩලයේ දී විමල් රත්නායක අමාත්‍යවයා යෝජනාවක් ඉදිරිපත් කරනවා “කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සමාගමක් බවට පත් කරන්න”. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බිඳ වැටෙන්න පටන් ගත්ත පළවෙනි වෙඩිමුරේ පත්තු වෙන්නේ ඔය නැගෙනහිර ජැටිය අධානි ප්‍රමුඛ ඉන්දියානු සමාගමකට දෙන්න ගිහිල්ලා. එදා ජවිපෙ මේකේ ප්‍රබල සටන්කරුවෙක් වශයෙන් හිටියා මේකට විරුද්ධ. ඒ විතරක් නෙමේ. පොහොට්ටුවෙන් ගෝඨාභය මහත්තයාගේම වරාය සමිතියත්, වරාය වෘත්තිය සමිතියත් මේකට විරුද්ධව හිටගත්තා. නැගෙනහිර වරාය දෙන එකට. එතකොට ස්වාමීන් වහන්සේලා, ජාතික කඳවුරේ මිනිසුන්, වාම කඳුරෙන් මිනිසුන් මේ සියලු දෙනාම සටනක් කරා, නැගෙනහිර වරාය මේ ඉන්දියාවට ඒක නවත්තන්න. දැන් ඒක සමාගමක් කරලා මේ හදන්නේ, දීර්ඝ කාලීනව නැවතත් ඉන්දියාවට මේක අත්පත් කරගන්න. සමාගමක් හැදුවා, කොටස් එක එක එක එක හිමින් හිමින් ගන්නවා. නෙ? ඊට පස්සේ අරගෙන නැවතත් මේක අර ඉන්දියාව යටතට පත් කරන්න ද? හරි ශෝක් දැන්. ඩොක්යාඩ් එක දුන්නා. ගිවිසුම් ටිකක් වෙනම අත්සන් කරලා තියෙනවා. දැන් නැගෙනහිර වරායත් සමාගමක් බවට පත් කරලා මේ උත්සාහ කරන්නේ, දීර්ඝ කාලීනව මේ රට බිඳවැට් වීමේ ක්‍රියාන්විතයට මඟ පාදන්න ද? එහෙම සදාචාත්මක අයිතියක් මේ ජාතික ජන බලවේගෙට, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගෙට තියෙනවා ද කියන කාරණාව අපි අහනවා. අපි ජනතාව හැටියට සාධාරණ සැකයක් අපිට මතු වෙනවා මේ යන්නේ කොයි දිශානතියට ද කියලා. ඉතින් පැහැදිලිවම අපි ආණ්ඩුවට කියනවා, නිශ්චිතව ඉන්දියාවට යටත් වීම දක්වා / යටත් වීම වෙනුවෙන් ඔබ නිර්මාණය කරන මේ භූ පදනම අනාගතයේ රටට ඉතාම / දැඩි ව අහිතකරයි. රාජපක්ෂවරු කරපු වැඩේ, මේ වික්‍රමසිංහලා ලක් කරපු වැඩේ දැන් ඕගොල්ලොත් කරන්න හදන්නේ මේ වැඩේද? එදා මව්බිම නැත්නම් මරණය කියලා, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සටන් කරපු දේශපාලන ව්‍යාපාර එක වර්තමාන භූමිකාවද ඔබ ඉෂ්ඨ කරන්නේ? එහෙම භූමිකාවක් ඇතුළෙ ද ඉන්දියාවට ඩොක්යාඩ් එක යන්නේ? ඉතින් අපි මේ ප්‍රශ්නය මේ ආණ්ඩුවෙන් අහනවා. ඒ වගේ ම මම කලින් කිව්වා වගේ මේ රටේ ඉන්න දේශමාමක ජනතාවට අපි ආරාධනා කරනවා, මෙන්න මේ ක්‍රියාන්විතයට විරුද්ධව දැන් අපි පෙළ ගැහෙන්න අවශ්‍යයි. මේ ආණ්ඩුවට බල කරන්නොනේ සහ ආක්‍රමණිකයන්ට බල කරන්නොනේ මේ වැඩේ නවත්තන්න කියන කාරණාවට. එහෙම නැත්නම් මේ රට අනාගතයේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ වගේ ම අපි දැක්කා දැන් මේ පහුගිය කාලේ IMF එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුව IMF එකේ ඉතාම සුවච, කීකරු ගෝලය හැටියට වැඩ කටයුතු කරා. IMF එකෙන් ඇවිල්ලා ලකුණු සීයෙන් සීය ම දුන්නා අනුර කුමාර දිසානායක මහත්තයාට, ඕගොල්ලෝ තමයි මේක හොඳට ම කරේ කියලා. එහෙම කරලා IMF එකේ මහා පංගුකාරයෙක් වෙච්ච ඇමරිකාවේ බදු කීයද අඩු කර ගන්න පුළුවන් උණේ අපිට. පැහැදිලි ම අපි කියන්න ඕනේ, 44%ක් පනවලා තිබ්බ බදු 30%ක් දක්වා අඩු වුණා. හොඳයි. එහෙම හරි අපිට මේ බදු බර අඩු කරගන්න ලැබීම මේ රටේ ආර්ථිකයට හොඳයි. හැබැයි මේක ඇතුලේ අපිට හුස්ම ගන්න පුළුවන්ද? අපි දන්නවා ලංකාවෙන් ඇමරිකාවට 10%ක් 15%ක් අතර බදු ප්‍රමාණයක්. විශේෂයෙන් අපි නිශ්චිත වශයෙන් ගත්තොත් ඇඟලුම් කර්මාන්ත හරහා තමයි ගොඩක්ම අපි ඇමරිකාවත් එක්ක මේ ආනයන – අපනයන කෙරුණේ, 16.5%ක වගේ බද්දක් තිබුණේ. දැන් ඒකට මේ 30%ක බද්දක් එකතු උණාට පස්සේ, මේක 46.5%ක් දක්වා විතර යනවා. මේ බදු බර දරන්න පුළුවන් ද? ඉතින් අපි විස්වාස කරනවා, ආණ්ඩුව තවදුරටත් සාකච්ඡා කරන්න වෙනව. සාකච්ඡා කරලා මේක මීට වඩා පහළ අගයකට ගෙන්න වෙනවා. මොකද, අපේ අසල්වාසී ඉන්දියාවට තියෙන්නේ 20%ක විතර බදු ප්‍රමාණයක්. ඊළඟට අපිත් එක්ක තරඟකාරීව මේ වෙළඳපොළේ අපිත් එක්ක තරඟ කරන ඉන්දියාව, එක පැත්තකින් වියටනාමය මේ වගේ රටවලට තියෙන්නේ ඉතා ම අඩු බදු ප්‍රමාණයක් දාලා තියෙන්නේ. හැබැයි අපිට 30%ක බද්දක් වැඩි වෙලා තියෙනවා. අඩු කිරීම හොඳයි. හැබැයි අර IMF එකේ, අර නව යටත් විජිතකරණයේ සුවච, කීකරු ගෝලයා හැටියට විභාග ටික ලියලා, ලකුණු සීයෙන් සියම අරගෙන, රත්තරන් පදක්කමත් අරගෙන හිටපු ආණ්ඩුවට 14%යි අඩු කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපි කියන්නේ මේ ආණ්ඩුව, දැන්වත් මේ නව යටත් විජිතකරණයෙන් ලණු කන එක නවත්තන්න. කකුල් දෙකෙන් හිටගන්න පටන් ගන්න. IMF එක නැතුව බෑ කියලා ඉන්න මනෝභාවයෙන් මිදෙන්න. ඉතිහාසයේ විජේවීරලා කියලා දීපු පාඩම් නැවත කියවන්න. ජනතාව ඔබත් එක්ක හිටගනිවී ඔබ නිවැරදි ලෙස මේ අර්ථය ගොඩනඟනවා නම්. ඒ නිසා, හැමදාම අවුරුදු 71 සාපයක් IMF එක නැතුව අපිට දැන් මේක කරන්න බෑ කියලා ඒ මිත්‍යාවේ ගිලී ඉන්නේ නැතුව, දැන් ඒ මිත්‍යාවේ ඉදලා ඒක හොඳට ම ප්‍රැක්ටිස් කරලා අපි තමයි හොඳටම කරේ කියලා ලකුණු ටික දාලා පෙන්නුවා නෙ. හැබැයි බදු අඩු උණේ කීයද ඇමරිකාවෙන්. දැන් IMF එකේ ප්‍රධාන ම රට. ඉතින් අපි පැහැදිලිවම කියනවා මේ IMF එකේ වැඩපිළිවෙලත් එක්ක ගිහිල්ලා මේ රටේ අභ්‍යන්තර වශයෙන් බිඳ වැටීමේ ක්‍රියාවලිය කරන්නැතුව දැන් මේ බදු පිට බදු ගහමින් ජනතාවට දරාගන්න බැරි බදු බරක් දැන් එකතු වෙනවා. දේපොළට බද්දක් ගහන්න යනවා දැන්. දැන් අන්තර්ජාලයත් එක්ක ගැට ගැහිලා තියෙන සියළු ම ක්ෂේත්‍රයන්වලට බදු ගහනවා. මේවා කලින් තිබ්බ බදු. මේ ආණ්ඩු එක ක්‍රියාත්මක කරලා ලකුණු ටික දාගන්න හදන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ වැඩේ හොඳටම කරනවා. මෙන්න අර කලින් අක්‍රිය වෙලා තිබූ ටිකක් අපි ක්‍රියාත්මක කරනවා කියලා දැන් විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ රටේ මේ තාරුණ්‍යය මේ අන්තර්ජාලය හරහා ගැටගැහිලා මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් මේ අලුත් ලෝකයත් එක්ක ගැට කටයුතු කරගෙන යනවා. දැන් මේකට 18%ක බද්දක් ගහලා ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? අපි මුලින්ම කියනවා රටකට බදු අවශ්‍යයි. හැබැයි දැන් මේ අන්තර්ජාලයත් එක්ක ගැටගැහිලා තියෙන මේ සියලුම කාරණාවට ඔබ බදු ගහන්න කලින්, ඉස්සෙල්ලාම හරි හමන් අන්තර්ජාලය ගන්න පුළුවන් අන්තර්ජාල ප්‍රවර්ධකයෙක් නිර්මාණය කරලා දෙන්න. මේ තාරුණයට, මේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන අයට තියෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි හරි හමන් අන්තර්ජාල ප්‍රවර්ධකයෙක් නැහැ. අන්තර්ජාලය ලබා දෙන්න කෙනෙක් නැහැ. මේ internet එකේ තියෙන speed එක (වේගය) upload, download වේගය නොකැඩී නිවැරදි ලෙස, පහසු ලෙස අන්තර්ජාලයට පිවිසීමට තියෙන සීමා සහිතයි. ලෝකෙ තියෙනවා සංචාරක ක්ෂේත්‍රයේ freelancer, එහෙම නැත්නම් ස්වාධීනව වැඩ කරන බොහෝ දෙනෙක් laptop එකක් තියාගෙන, ෆෝන් එකක් තියාගෙන ලෝකේ වටේ ඇවිදිමින් වැඩ කරනවා. ලංකාව කියන රට සංචාර ක්ෂේත්‍රයෙන් ගොඩනඟන්න පුළුවන් දෙයක් තමයි මේ වගේ අයට මාස 06ක් 07ක් ලංකාවේ නැවතිලා ඉදලා තමන්ගේ වැඩක් කටයුතු කරන්න. ඇයි ඒ අය ලංකාවට එන්නේ නැත්තේ, ලංකාවේ මුහුද හොඳයි, දේශගුණය හොඳයි, ආගන්තුක සත්කාර හොඳයි. ලෝකේ අනිත් රටවලට සාපේක්ෂ ව ඉතා ම පිරිසිදුයි. මේ රටේ ජීවත් වෙන්න කැමතියි, ලස්සනයි. ඔක්කොම හොඳයි. එහෙම මිනිස්සු එන්නත්තේ හැරි හමන් අන්තර්ජාල පහසුකමක් ලංකාවට නැහැ. එහෙනම් මේ aආණ්ඩුව මේ අන්තර්ජාල ක්ෂේත්‍රයට බදු ගහන්න කලින් කරන්න ඕනේ මොකක්ද? ඉස්සෙල්ලා මේ පහසුකම් ටික හදලා ඉන්න. මේකේ වේගය, අඛණ්ඩතාවය මේකට ළඟාවීමට ඇති හැකියාව, මේකේ අධික මිල මේවා අඩු කරලා මේ පහසුකම් ටික දෙන්න. දීලා මේ ක්ෂේත්‍රය වර්ධනය කරලා, ඊට පස්සේ ක්‍රමිකව බදු ටික ගහන්න. ඒ මොකුත් නැතුව ඒ පහසුකම්, යටිතල පහසුකම් කිසිදෙයක් නිර්මාණය කරන්නේ නිර්මාණය කරන්නේ නැතුව එක පාර ගෙනල්ලා 18%ක බද්දක් මේක මත පැනවීම අසාධාරණයි. මේ ජනතාව බදුවලින් මිරිකන්න ද හදන්නේ? දැන් කවුද මේ බදු ගේන්න කියලා ආණ්ඩුවට යෝජනා කරේ. අන්න ඉන්නවා IMF එක. මේ දැඩි බදු බරක් ජනතාව මත පටවන මේ නව යටත්විජිතකරණ ආර්ථික model එක ක්‍රියාත්මක කරන එක ගැන තව පාරක් හිතන්න කියලා අපි ආණ්ඩුවට බල කරන්න කැමති. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, බදු අවශ්‍යයි රටකට, හැබැයි මෙවැනි ජනතාව මත පීඩනයක් ඇති කරන බදු ගේන්න කලින් අවශ්‍ය පහසුකම් ටික හදලා ඒ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරලා, ඒ ක්ෂේත්‍රයෙන් නියුතු තරුණයන්ට ජනතාවට හොඳ ආර්ථිකයක් හදලා ඊටපස්සේ, බද්දට යන්න. ඊටපස්සේ ඒවට යටත් කරන්න කියන කාරණාවත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. ඔව්, අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. අපිත් විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා විපක්ෂයක් වශයෙනුත් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ බදු ටික අඩු කරගන්න තව මොනවා හරි දේවල් කරන්න අවශ්‍ය නම්, ඒ කාරණා රට උගස්ථයක් නැතුව, රට පාවා දෙන්නැතුව මේ බදු අඩු කරලා මේ ආර්ථිකය අපි ආර්ථික වශයෙන් වැටිලා තියෙන තැනින් ගොඩ එන්න අනිවාර්යෙන්ම ආණ්ඩු මේක තව සාකච්ඡා කරන්න ඕන. හැබැයි ආණ්ඩුව ඒත් එක්කම තේරුම් ගන්න ඕන කාරණාවකුත් තියෙනවා. ඒ තමයි, විශේෂයෙන්ම මේ බදු ගහලා තියෙන ක්‍රමවේදය දිහා බැලුම දැන් අපිට තව පුවතක් ලැබෙනවා, ට්‍රම්ප් කියලා තියෙනවා මේ ලියුම් ටික යවපු රටවල් ඇරෙන්න (ඒ කියන්නේ දැන් ඇමරිකාවෙන් ලංකාවට ලියුමක් ආවා නෙ), ලියුම් ආපු නැති රටවල්වලට බදු 20%යි, 15%යි ගහන්නේ. ලියුම් යවපු රටවල්වලට තමයි අධික බදු පනවන්නේ කියන කතාවක් කියලා තියෙනවා. දැන් ලියුම් යවලා කර ගත්තා හරිය පේනවා ද? ඒ නිසා ඊළඟටත් ඉස්සරහටත් කතා කරද්දී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ සම්බන්ධ දැනුමක් තියෙන, මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව (මේක රටට ඇවිල්ලා තියෙන අභියෝගයක්, රට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්.) ඒ නිසා, මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ අයත් එක්ක කතාබහ කරලා, එක එක තානාපති කාර්යාලවලින් දෙන ලණු ගිලින්නැතුව, ඉතාම උපක්‍රමශීලීව රට ගැන හිතලා ගත යුතු සියලුම තීන්දු තීරණ ගන්න කියන දේ කියනවා. සාකච්ඡා කිරීම කෙරෙන්නෝනි. හැබැයි තේරුම් ගන්න ඔබ, දැන් ඔබ මේ කියන system එකේ ම ගිහිල්ලා, නෙ? IMF වැඩ ටිකක් ඒ විදියට කරලා, අර ජුලියා නෝනා කියන විදියට ඔක්කොම කරලා, මේ රටේ ඒ විදියට ඔක්කොම වැඩ කරලා හම්බෙච්ච ප්‍රතිඵලය. නේ? ඉතින් අපිට වඩා දැන් මේක මේ අඩු වෙච්ච ප්‍රමාණය වැඩි කියලා අපිම කියලා සතුටු වෙන කණ්ඩායමකුත් අපි දැක්කා. ඒ විහිළුව නම් කරගන්න එපා. අපේ අසල්වාසී ඉන්දියාවට තියෙන්නේ කීය ද? වියට්නාමෙට තියෙන්නේ කීය ද? මේ අපේ තරඟකාරීව අපිත් එක්ක වෙළඳපොලේ ඉන්න පිරිස. ඒ වගේ ම තමයි දැන් මේ ආණ්ඩුව සුවච, කීකරු ගෝලයෙක් වශයෙන් හිටියනේ. ට්‍රම්ප් දැන් කියනවා frix එකට ගිය මිනිස්සුන්ට දැඩි දඬුවම් දෙනවා. Frixer ගියා නම් අඬු කඩනවා කියනවා දැන්. කොහොම ද දැඩි බදු ගහනවා frix එකට යනවා නම් කියනවා. දැන් කවුද ඉන්දියාව frix එකේ නේද? එතකොට මේ කාවද බය කරන්න හදන්නේ? දැන් අපේ ජනාධිපතිතුමාත් සමහර විට මේකට බය වෙන්නැති…. දැන් අද මේ ඔය ට්‍රම්ප් අපිට කියන්නේ, සමහර අර අපේ තානාපති නෝනා කලින් කියන්න ඇති, මේ තානාපති කාර්යාලේ ඉඳන් ඔය පැලවත්තට යන ගමන් හරි, ඔය කොහේ හරි යන ගමන් හරි කියන්නැති ට්‍රම්ප් කියපු කතාව, වැරදිලා හරි frix එකට ගියා නම් අඬු කඩනවා කියලා. ඒක නේ ගියේ නැත්තේ. පුටින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරත් ගියේ නෑ. හරි දැන් ගියේ නෑ නේ, එහෙනම් දැන් අඩු කඩලා හරියන්නෑ නේ. අඩු කරන්නපැයි දැන් 15%ක්‌වත්. කරලා නෑ. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ රැවටෙන්නෙපා. අපි කලිනුත් කිව්වා අර මඟුල් කෑම මාතක් කර ගන්න කියලා. ඔන්න ඔය වැඩේ අපිට හැමදාම කියන්න වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට අපි කියන්නේ ඔය ලණු කන එක නවත්තන්න. සාකච්ඡා කරන්න හොඳයි. හැබැයි ඔබේ අතෙත් බලයක් තියාගන්න. ලෝකේ ශක්තිමත් කඳුරක් එක්ක ගැට ගැහිලා, යම් බාගෙන් power එකක් තියාගන්න ඔබේ අතේ. ඕගොල්ලෝ අපෙන් අඩු කරන්නේ නැත්තං, අපි ලෝකේ ඊළඟ වෙළෙඳපොලට යනවා. අපි බය නැතුව කියනවා මේ ලෝකේ ඊළඟ ආර්ථිකය කැරකෙනවා ආසියාවට. මේ ගෝලීය දකුණ කියලා කියන්නේ ආසියාවට. කවුද ලෝකේ ඊළඟ බලවතා? චීනය, කවුද ලෝකේ ඊළඟ බලවතා? ඉන්දියාව, කවුද ලෝකේ ඊළඟ බලවතා? වියටනාමය, ආර්ථික බලවතුන්. කවුද ලෝකේ ඊළඟ බලවතා? මැලේසියාව, අරාබිකරය, ඉරානය මේ ලෝකෙ ඊළඟ ආර්ථික බලවතුන්. රුසියාව කවුද මේ? මේ අපේ ආසියාව. ඉතින් ඇයි මේ ගෝලීය උත්තර දිහා බලාගෙන තාම හූල්ලන්නෙ? ඔබතුමාටත් ජනවරමක් දීලා තියෙනවා ජනතාව. ඒ වාම සුවඳ තියෙන, ජාතික සුවඳ තියෙන කඳවුරක් හදලා තියෙනවා. ඉතිහාසයේ නොවූ විරූ ලෙස බලය වෙනස් කරලා තියෙනවා. දැන් ඔබතුමාත් නැඟි සිටින්න නායකයෙක් හැටියට. මේ මහා බලවතුන් අතරේ ඔබත් නඟී සිටින්න. මේ බලවතුන් ආශ්‍රය කරන්න. කාටවත් බය වෙලා මේ තානාපතිනියන්ට බයවෙලා දේශපාලනය කරලා හරියන්නෑ ඔබතුමා. ඉතිහාසය භූමිකාව ඇතුලේ ඒ බර අරගෙන බය නැතුව නැගී සිටින්න. ලෝකෙ අලුත් එක ගනුදෙනු කරන්න දැන් මේ frix එකත් එක්ක වැඩ කරන අයට දඬුවම් කරනවා කියලා අර කෙවිටක් අරන් වන වන හිටියට ඉන්දියාවට 20%යි නෙ දාලා තියෙන්නේ, fix එකේ ප්‍රධාන ම සාමාජිකයෙක් නෙ. එතකොට වියට්නාමය? වාමාංශික රටක්. අර හොඳට ගනුදෙනු කරනවා, චීනෙයි, රුසියාවයි එක්ක. ඇමෙරිකාව එක්කත් ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. අපිට එහෙම නති වෙන්න පුළුවන් ස්වාධිපත්‍යයක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ආණ්ඩුවට දෙන පණිවිඩේ තමයි සාකච්ඡා කරන්න, හැබැයි සාකච්ඡා කරනකොට තමන්ගේ හයියත් එක්ක යන්න. දැන් කලින් බය කරානේ, frix එකට ගියොත් සහන නෑ වගේ කතාවක්. ඉතින් ඒ නිසා අපි කියනවා, ඒ ලණු කන්න යන්න එපා. රට වෙනුවෙන් වඩාත් හොඳ දේ වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වෙනුවෙන් අපි විපක්ෂයේ ඉන්න කණ්ඩායමක් හැටියට ඒ ආශීර්වාදය, ශක්තිය, අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද මේ රටේ ආර්ථිකයත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ අනාගතයත් එක්ක අපි සෙල්ලම් කරන්නේ නෑ. කඩාකප්පල්කාරී වැඩ කරන්නේ නෑ. හැබැයි ඒත් එක්ක ම අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට, මේ යටත් වෙලා කොන්ද නවාගෙන වකුටු වෙලා නියුටුව නිවාඩුව ඉන්නැතුව, නිවට නියාලු සේයාවක ඉන්නේ නැතුව, ඒ ලෝකෙන් නැගිටින ගෝලීය දකුණත් එක්ක නැගිටින්න. ගැටුමකට යන්නැතුව ඒකත් එක්ක නැගිටින්න කියන කාරණාව.






















