Friday, August 21, 2026
HomeNEWSදිනක් වයසැති බිළිඳකු වෙල්යායක දාලා ගියේ කවුද?

දිනක් වයසැති බිළිඳකු වෙල්යායක දාලා ගියේ කවුද?

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.ඊයේ උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම අලුත උපන් දරුවා වෙල්යායේ ගසක් යට සිටිනු දැක තිබුණි.පසුව ඔහු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර එම ස්ථානයට පැමිණි කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේ බිලිඳා දෑතට ගන්නා ලෙසය.කෙසේ වෙතත් කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ සිටි තරුණයෙකු සිය T ෂර්ටය ගලවා බිළිදා ආවරණය කරමින් දෑතට ගැනීමට ඉදිරිපත් වී තිබේ.අනතුරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බිළිඳා එම ස්ථානයෙන් රැගෙන ගොස් මාවතගම රෝහලට ඇතුළත් කෙරිණි.බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පැවසුවේ බිලිඳා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීහු පියවර ගත්හ.බිළිඳා මෙම ස්ථානයේ අත්හැර දමා ගියේ කවුරුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img