Thursday, August 20, 2026
HomeNEWSනව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයිශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි.අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය.2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන මහතා හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මියගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වේ.ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.ජනාධිපති මාධ්‍ය අංශය2025-07-27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img