දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල වෑන් රථයක් අනතුරට පත්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 44 හැවිරිදි වයස්වල කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.පොලීසිය පැවසුවේ තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවය.ටයරයක් පුපුරා යාම හේතුවෙන් වෑන් රථය අනතුරට පත්වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.






















