Thursday, August 20, 2026
HomeNEWSවරෙන්තුවක් නිකුත්ව තිබියදී නාමල්, ජනපති අනුර ගිය ගුවන් යානයෙන්ම මාලදිවයිනට

වරෙන්තුවක් නිකුත්ව තිබියදී නාමල්, ජනපති අනුර ගිය ගුවන් යානයෙන්ම මාලදිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ පෙනී නොසිතීම හේතුවෙනි.2018 වසරේදී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.නාමල් රාජපක්ෂ මහතා මේ වන විට නීතිඥවරුන්ගේ හමුවකට සහභාගි වීම සඳහා මාලදිවයින බලා ගොස් සිටී.ඒ අනුව ආපසු පැමිණිමේදී අධිකරණයෙන් ලබා ඇති වරෙන්තු මත කටුනායක ගුවන් තොටුපලේදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් තිබේ.නාමල් රාජපක්ෂ මහතා මාල දිවයින බලා ගොස් ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා මාලදිවෙන බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img