Friday, May 22, 2026
HomeNEWSලාල් කාන්තගේ කතාව හරි.. ජනතා අප්‍රසාදය වැඩිවන නිසා ආණ්ඩුවේ ආරක්ෂාව වැඩි කර...

ලාල් කාන්තගේ කතාව හරි.. ජනතා අප්‍රසාදය වැඩිවන නිසා ආණ්ඩුවේ ආරක්ෂාව වැඩි කර ගත යුතු බව සුගීශ්වර කියයි

අද දින මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා ,විදේශ කටයුතු නියෝජ්‍ය ලේකම් විදුර අල්ගම මහතා ,මූල්‍ය කටයුතු ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා සහභාගි විය.එහිදි පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා අදහස් දක්වමින් වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කරන ලදී. කේ ඩී ලාල්කාන්ත ඇමතිතුමන් ජනාධිපතිතුමන්ට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව හා ආරක්ෂාව වැඩි කල යුතු බව හා අවශ්‍ය නම් හෙලිකෝප්ටර් හෝ යෙදිය යුතු බව ප්‍රකාශ කරනවා. ලාල් කාන්ත ඇමතිතුමන් මෙය ප්‍රකාශ කලේ කට කහනවට නොවේ. ජනපති අනුර කුමාර දිසානායකට ලැබුණ බුද්ධි අංශ තොරතුරක් සම්බන්ධව පැලවත්ත මූලස්ථානයේ සිදු කල දීර්ඝ සාකච්චාවකින් පසුවය. මෙතෙක් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු සියල්ලම වගේ කඩවුන පොරොන්දු වු බැවින් ජනතාව ඉන්නේ දැඩි අසතුටින් කනස්සලෙන් සහා අපේක්ෂා භංගත්වයෙන්. මොකද කප්පරකුත් එකක් බලාපොරොත්තු දීලා පොරොන්දු ඉටු කරලා එකක්වත් ඉෂ්ට කරගන්න බැරිවීම නිසා ජනතාව තුළ දැන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගැන අප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතිනවා. ඒක අපට ප්‍රත්‍යක්ෂ වුනා පහුගිය දවසක.පොළොන්නරුව යෞවන සමාජ පිහිටුවන්න ගිය ටී බී සරත් ඇමතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියට ඒ තරුණ තරුණියෝ නැගිටලා විරෝධය දක්වා ගිය අවස්ථාවේ දී . දැන් මේක එන්න එන්නම වර්ධනය වන නිසා තමයි බුද්ධි අංශවලින් මේ පිලිබදව වාර්තාව ලබාදී තිබෙන බවට අපිට තොරුතුරු ලැබී තියෙන්නේ. ඒ වාර්තාව පදනම් වෙලා තමයි ලාල්කාන්ත මැතිතුමා මේ කතාව කියන්නේ.ලාල්කාන්ත මැතිතුමා දන්නේ නැති වුණාට දැනටත් අනුර කුමාර දිසානායක ඇමතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාවිච්චි කරපු පාවිච්චි කළාට වඩා වැඩි ආරක්ෂාවක් වැඩි වාහන ප්‍රමාණයක් දැනටමත් පාවිච්චි කරනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යොදා ගත්තේ පොලිස් මෝටර් බයික් රථ 2 එකකුත් පෙර ගමන් රථයකුත් පසු ගමන් රථයකුත් සහ එතුමා ගමන් බිමන් ගියේ එතුමාගේ පෞද්ගලික වාහනයක. හැබැයි අනුර කුමාර ජනාධිපති තුමා මේ වෙනකොට අපිට තොරතුරු ලැබිලා තියෙන විදිහට පොලිස් බයික් හතරකුත් පෙර ගමන් රථයක් පසු ගමන් රථයක් සහ වෙඩි නොවදින වාහනයක් භාවිතා කරනවා.වෙඩි නොවදින රථයේ පැමිණිලා තමයි එතුමා දොර ඇරගෙන බහින්නේ. ඊට අමතරව ආරක්ෂක අංශ විසින් දැන් උපායමාර්ගිකව ඒ වාහන 7 ගියාට පසු කිලෝමීටරයකට විතර පිටු පසින් තවත් ආරක්ෂක භටයින් රැගත් ඩිෆෙන්ඩර් ගිලන් රථ ගිලන් රථයක් හා ගිලන් රථයක් ගමන් කරනවා. මෙය හංගලා රැගෙන යන්නේ. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා හංගලා ගිලන්රථ ගෙනිච්චේත් නෑ අමතර භට පිරිස් ගෙනිච්චේත් නෑ. ඒ වගේ ම අනුර කුමාර දිසානායක ඇමතිතුමාට සිවිල් හා තවත් ආරක්ෂක කණ්ඩායමක් යොදවලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි ඒ ගැන කිසිසේත්ම වරදක් දකින්නේ නෑ. මොකද අනුර කුමාර දිසානායක යනු මේ රටේ දෙකෝටි විසි පන් ලක්ෂයේ රාජ්‍ය නායකයා, රටේ නායකයා.ඔහු ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඔහුට අවශ්‍ය ප්‍රමාණවත් ආරක්ෂක භටයෝ සපයන එක ඔහුට ප්‍රමාණවත් වාහන සපයන එක, අවශ්‍ය නම් හෙලිකොප්ටර් සපයන එක, රාජ්‍යය වගකීමක් . ඒ පිළිබඳව අපිට කිසිම විවාදයක් නෑ. මේ සම්බන්ධ සමාජ කතිකාවක් ඇති වුණේ , අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසිනුත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසිනුත් කරපු ප්‍රකාශ සම්බන්ධයෙන්. අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ජනාධිපති වෙන්න කලින් කිව්වේ.ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ විසුරුවා හැරලා නිලධාරීන් ටික සියලු පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනවා කියලා. හඳුන්නෙත්ති මන්ත්‍රිතුමා කිව්වා රටේ ජනතාවට නැති ආරක්ෂාවක් , ප්‍රභූ ආරක්ෂාවක් ජනාධිපතිවරයාට හෝ ඇමතිවරයාට අවශ්‍ය නෑ කියලා. දෛවයේ සරදමක් දෝ එහෙම කියලා මාස පෝය දහයක් යද්දි ලබාගත්ත ආරක්ෂාව වැඩි වැඩි ආරක්ෂාවක් දෙන්න ඕන කියලා දැන් ලාල්කාන්ත මහත්තයයි සමන්ත විද්‍යාරත්න මහත්තයයි එක පොරයට බොරුවට කෑ ගහනවා. සමන්ත විද්‍යාරත්න මහතා තව තර්කයක් ගොඩ නගනවා ජනාධිපතිතුමාට විතරක් නෙමේ ඇමැතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් අවශ්‍යය ආරක්ෂාව ගන්න සිද්ධ වෙනවා කියලා. සමන්ත විද්‍යාරත්න මහත්තයා දන්නවා. මේ දිනෙන් දින පිරිහෙන ආණ්ඩු ක්‍රියාකාලපය නිසා ලැබෙන බුද්ධි තොරතුරු අනුව ළඟ ළඟම ජනතාව පාරට එනවා. ලග ලඟම ජනතාවගේ අප්‍රසාදය වැඩි වෙනවා. ඒ නිසා ඇමතිවරුන්ට මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව අවශ්‍ය වෙනවා කියන ඉගිය තමයි දුන්නේ. අපි දන්නවා මේ රටේ, මේ වගේ අසහනකාරී තත්වයක් ආවම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ව බල්ලෙක්, බළලෙක් ගානට මරපු රටක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දේශපාලන අධිකාරියේ ගෙවල් හාරසීයක් ඉවත් කරලා. රට දවස් තුනක් එකම ලේ විලක් එකම ගිනි ජංජාලයක් බවට පත්කරපු කට්ටිය. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති නොවීමට නම්එ ජනාධිපතිතුමාට විතරක් නෙමේ මේ ඇමතිවරුන්ටත් මන්ත්‍රිවරුන්ටත් පාර්ලිමේන්තු සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් නැවත වතාවක් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්න කියලා අපි ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම ජනාධිපතිතුමාට මතක් කරන්න කැමතියි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියනවා. 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කරලා හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරලා හිටපු ජනාධිපතිවරුන්ගේ වාහන ටිකත් ඉවත් කරන්න නලින්ද ජයතිස්ස මහතා ඒ පනත ගෙනල්ලා දැන් ඒ ගැන සාකච්ඡා වෙමින් යන්නෙ දැන් මාලිමා ආණ්ඩුව බලයට එනකොට හිටපු ජනාධිපතිවරුන් පිළීබඳව දැඩි වෛරයක් ගොඩනැගුවා.හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂා කිරීම ද රජයේ වගකීමක්. ජාතික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තරයට පාඩම් කියා දෙන්න පුළුවන් බංකු බංකු මහාචාර්ය වරයාගෙන් අවශ්‍ය උපදෙස් අරගෙන ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තර කර ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හැබැයි රටේ ජනතාවට නම් අබ සරණයි. හැම තැනම වෙඩි තැබ්ම් බල්ලො බලල්ලු මැරෙන ගානට මිනි මැරුම් සිදු වෙනවා. දෙමල ඩයස් පෝරාවේ මනදොල පුරවමින් දුන් පොරොන්දු ඉටු කරමින් සැප්තැම්බර් මාසයේ එන ජීනිවා මානව හිමිකම් කවුන්සලයට අවශ්‍ය දොල පිදෙනි දීම සඳහා කිර්තිමත් නාවික හමුදා නිළධාරිවරවරයකු වු හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේ තැන්න මහතා අත්අඩංගුවට ගත්තේ.2010 කුරුණෑගල ප්‍රෙද්ශයේ පුද්ගයකු අත්අඩංගුවට ගන්නා ලද සිද්ධියක් මුල් කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. බුද්ධි අංශ බාර නිළධාරිවරයකු ලෙස ඔහු එතනට යාම වරදක් ද ? LTTT නාවික බල ඇනිය අකර්මණ්‍ය කිරීමට උළුගේ තැන්න මහතාගෙන් ලැබුනේ සුවිශේෂි දායකත්වයක්. එවැනි නිළධාරියකු අත්අඩංගුවට ගැනීමම ඇති දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීමට. දුන් ඡන්ද පොරොන්දු වලින් ලොකුම ඡන්ද පොරොන්දුවයි.දෙමල ඩයස් පෝරාවට දුන් ඡන්ද පොරොන්දු වලට අනුව පලාලි මාර්ගය ඉවත් කලා, අච්චවේලි මාර්ගය ඇරියා,අලිමන්කඩ හමුදා මාර්ග බාධක ඉවත් කලා, උතුරේ තියෙන සියලුම හමුදා බාධක ඉවත් කලා,වවුනියාව ගුවන් හමුදා කදවුර ඉවත් කරන්න පිබුරු පත් සකස් කරමින් යනවා. අනුර යන්නේ කොයි පාරේවේලු පිල්ලේ ගිය පාරේ කියලා තමයි කියන්න වෙන්නේ. මේ නිශාන්ත උළුගේ තැන්න මහත්මයා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ධූරය අත්හරින වෙලාවෙ එතුමා වෙනුවෙන් පෙනී ඉඳලා එතුමාව ත්රිකුණාමලය දක්වාත් ආරක්ෂිතව ගෙනියන ඒ ක්රියාදාමයේ ප්රමුඛතම කාර්යයක් කෙරේ නිශාන්ත මැතිතුමා. ඒ වෙලාවේ තමන්ගේ රාජකාරි ඔබ්බට ගිහිල්ලා උපරිම ලෙස ඉටු කල නිළධාරියෙක් තමා ඔහු. ඒ වගේම එතුමා තමන්ට ලැබිච්ච නාවික හමුදා දිවියේ තමන්ට ලැබිච්ච සියලූ වගකීම් හරියාකාරව ඉෂ්ට කරපු දක්ෂ නිලධාරීයෙක් කියලා නාවික හමුදාවේ සියලු දෙනා කියනවා. ඒ වෙලාවේ තිබුණා නාවික හමුදා හමුදාපතිවරයෙක් නිසා සාක්ෂි අහලා නඩු විභාගය අවසන් වනතුරු එතුමා ආරක්ෂක නිවාසයක රඳවා තබන්න . එහෙම තමයි එදා සරත් ෆොන්සේකා වෙනුවෙන් කෙරේ. නැත්නම් තිබුණා රටින් පළා යයි ගැන බයක් තිබුනානම් travel band එකක් පනවන්න. ඒ මොනවත් නැතුව නිෂාන්ත මහතා අත්අඩංගුවට ගැනීම මේ රටට ආදරේ කරන සමස්ත ජනතාව පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම දැන් දෙදාස් පහළොවේ යහපාලන ආණ්ඩුව පටන් ගත්ත රණවිරු දඩයම කෙමෙන් කෙමෙන් ඉදිරියට යනවා. එයට අවශ්‍ය නායකත්වය විශ්රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධයක්ෂක ශානි අබේසේකර මහත්තයා හොඳට කරගෙන යනවා. එයාට උදව් කරන්නේ දේශපාලන රැකවරණය පතා මේ රටින් පළා ගියපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහත්තයා අපිට තොරතුරු ලැබිලා තියෙනවා උළුගේතැන්න මහත්තයවත් දඩයම් කිරීම පිටිපස්සේ ඉන්නේ නිශාන්ත ද සිල්වා සහ ශානි අබේසේකර මහත්වරු.ලැබිලා තියෙන තොරතුරු අනුව උතුරේ පුනරුත්තාපනය කරපු දොළොස් දාහක්.එච්. එල් ටී ටී ඊ. කාඩර්වරුන් ගේ ගෙවල් වලට යනවා.ගෙවල් වලට ගිහිල්ලා ඔවුන්ගේ ප්රකාශ සටහන් කරගන්නා. බලපෑම් කරනවා.හමුදාවේ නිළධාරි මෙහෙමත් අඩත්තේට්ටම් කළා. මෙම පැහැරගැනීම් කරා මේ අහවලා මැරුවා කියලා සාක්ෂි දෙන්න කියලා දැන් බලපෑම් කරනවා. මොකක්ද මේ කරන පාවාදීම. මේක පිටිපස්සේ ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ රටෙන් පලා ගිය නිශාන්ත සිල්වා මහත්තයා මේ රණවිරු දඩයමට විරුද්ධව අපි එකාවන්ව නැගී සිටිනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්ය පොලිස්පති තනතුර සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අම්පාවිල මහතා පත් කරලා. මොකක්ද මේ වෙන්නේ? විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්තයා එහි අධ්‍යක්ෂ තනතුරේ සිටිනවා..තොරතුරු ලැබි තියෙන විදියට විශ්‍රාමික පොලිස් නිලධාරීන28 දෙනෙක් නැවත බඳවා ගෙන තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ මාලිමා ආණ්ඩුව ආයතන සංග්‍රහය පිළිගන්නේ නෑ. මාලිමා ආණ්ඩුව විශ්‍රාමික පොලිස් නිලධාරීන් රාජ්ය සේවයට බඳවා ගන්නවා. ඔවුන්ට මොකක්ද තියෙන පාරදෘශ්යභාවය ඔහු කාටද වග කියන්නේ?. ඒ නිසා තමන්ට අවශය දේශපාලන දඩයම් කර ගන්න ඉන්න නිලධාරීන් සේවයේ ඉන්න නිලධාරීන් මැළිකමක් දක්වන නිසා විශ්රාමික නිලධාරීන් හරි දාගෙන මේ වැඩේ කරගන්න හදන්නේ දැන් බලන්නේ .ශානි අබේසේකර මහත්තයා නැත්නම් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහන්න වෙනවා. . ශානි අබේසේකර මහතා තමයි සර්ව බලධාරී දෙවියා එයාට ඔක්කොම කරන්න පුළුවන්. එයාට මේ හැමදේම කරන්නෙ අර හොඳටම කරන්න. දැන් මොකක්ද මේ ශානි අබේසේකරමහත්තයාට තියෙන හයිය.ශානි අබේසේකරට තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි.කාදිනල් හිමිපාණන්ගේ හයිය. පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් මරණයට පත්වෙලා අවසන්.හත්සීයක් අත්අඩංගුවට අරගෙන. ඊලගට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හිටපු මහජන ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති සියලු දෙනාට දඩ නියම කළා. උසාවි කටයුතු කරනවා.ලසන්ත ජයවර්ධන මහත්තයාට දඩත් ගැහුවා. ඊළඟට සේවයෙන් 5 කළා. ජූඩ් ක්රිෂාන්ත පියතුමා.මරණ දඬුවම නියම කළා දැන් . දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජූඩ් පියතුමා ඇවිල්ලා එල්ලලා මරපු දවස හරි බෙල්ලට තොන්ඩුව දාන දවස හරි ප්රකාශයට පත් කරන්න විතරයි. හැබැයි තොරතුරු දීල තියෙද්දි.ගහන දවස දීල තියෙද්දි ගහන වෙලාව දීලා තියෙද්දී අඳින ඇඳුම් පැළඳුම සියල්ල දීලා තියෙද්දී ඒ ගැන ක්රියාමාර්ග අරගෙන මේ පාස්කු ප්රහාරය වළක්වා නොගත් රවී සෙනෙවිරත්න මහතාට සහ ශානි අබේසේකර මහත්තයට දැන් තනතුරු පිට තනතුරු ලැබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුවන්නේ.ශානි අබේසේකර මහත්තයාගේ අවශ්යතාවය සහ එතුමාගේ අනුයුක්ත කරගැනීම හරහා. ඒ නිසා අපිට රටේ ජනතාවටයට කියන්න තියෙන්නේ කාදිනල්තුමාගේ හිතෙත් ඉන්නේ ශානිම නම් පාස්කු වින්දිතයන්ට අබ සරණයි කියලයි..තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් තමයි ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ මේ හෝටලය කඩා ඉවත් කිරීම.මේ මාලිමා ආණ්ඩුවේ.තියෙන නිර්ධන පන්තිය තියෙන ප්රධාන ප්රශ්නය තමයි.වැව්වල ජලය එක් රැස් කර ගැනීම තව තවත් වැඩි කර ගැනීම. එතුමන්ලා දුන්නා පොරොන්දුව 1329 ඉවරයි. ලක්ෂ 12 කාරය ගන්න තියෙනවා, රුපියල් 150 ඩීසල් පෙට්රල් ලැබෙනවා. විදුලි මිල සියයට 40 කින් අඩු කරලා තියෙනවා වැටුප් වැඩිකරලා තියෙනවා විශ්රාමික බැංකු ණය පොලී ප්රතිශතය වැඩි කරලා තියෙනවා.පාසල් උපකරණ සහ සෞඛ්ය උපකරණ සඳහා ගහපු 118 සිට 20 කින් බදු අයින් කරලා තියෙනවා. රටේ වෙන කිසිම ප්රශ්නයක් නෑ. හැබැයි ගොවීන්ගේ පැත්තෙන්. යල මහ කන්න දෙකට ඇතිවෙලා තියෙන ගැටළු නෑ. ගොවීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන ප්රශ්න මොනවද තෙත වී වලට සහතික මිලක් නෑ කුණු කොල්ලෙට ගන්නවා. ආණ්ඩුවට වී මිලදී ගන්න යාන්ත්‍රනය බිඳ වැටිලා , සම්පූර්ණ බොරුවක් කරන්නේ ඊළඟට පොහොර ටික හරියාකාරව ලැබෙන්නේ නෑ.ඊළඟට පොහොර සහනාධාර ලැබෙන්නේ නෑ වීවලට දෙනවා කියපු සහතික මිල ලැබුන් නෑ. වී ගොවීන් පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් වී ගොවීන් වතුර නෑ කියලා වී ගොවි නෑ නෑ පරාක්රම සමුද්රයේ නුවරවැවේ මීට වඩා ජලය රැස්කර ගන්න ඕන කියලා කොහේවත් ගොවින්ගේ කතිකාවක් නෑ.හොදම කතිකාවත ලාල් විසින් ඩඩ්ලිගේ හෝටලය කැඩුවා වගේ කියලා. හැබැයි මේ සතිය ඇතුළත ලාල්කාන්ත මහත්තයා ප්රදර්ශනය කළා. එතුමා නියම දේශපාලන ජීවියෙක් නියම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයෙක් කියලා නියම කටුස්සෙක් කියලා .අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා නම් ඉවත් කරනවා කියලා මෙන්න බොලේ දවස් දෙකයි ගියේ.එතුමා කියනවා ඩඩ්ලි සිරිසේන මහත්තයා කෝල් එකක්වත් දුන්නෙ නෑ. ඩඩ්ලිග් හෝටලයේ අනවසර ඉදි කරලා නෑ කියලා. . ඕක තමයි ලාල් කාන්ත මහතා කියන්නේ කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්නවා කියලා..ලාල් කාන්ත මහතා විසින් පරාක්රම සමුද්රයත් ඩඩ්ලි සිරිසේන විසින් හැදුවා කිව්වොත් පුදුම වෙන්න එපා .දේශපාලන ව්යාපාරය වෙනුවෙන් සල්ලි දුන්න ඩඩ්ලි සිරිසේන මහත්තයව.නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. මේ හෝටලය ගැන කිසිම රජයකට කතා කරන්න බෑ…ඒ නිසා ච ලාල්කාන්ත මහත්තයාගේ මේ දෙබිඩි පිළිවෙත අපි හෙළා දකිනවා. හරිනි අගමැතිතුමිය ප්‍රකාශ කරනවා රට බාර ගන්න කොට ආර්ථිකය නැවතිලා ලු තිබ්බේ. කට ඇරියොත් කියන්නේ පට්ට පල් බොරු. රනිල් වික්‍රම සිංහ ජනපතිතුමා රට බාර දෙද්දි 2027 ණය ගෙවීමේ ශක්‍යතාව තිබු රටක්.මේ දේදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් ඉතිහාසය හා සෞන්දර්ය ඉවත් කිරිම අරමුණ වෙලා තියෙන්නේ. අකිල ඇමතිතුමා හදපු සුසිල් ඇමතිතුමා වඩපු මේ අධ්‍යාපන ක්‍රියාවලියේ ඉතාහාස හා සෞන්දර්ය තිබුනා. අගමැතිතුමිය අකමැති නිසා ඉතිහාසය හා සෞන්දර්්‍ය ගලවලා අමරසූරිය වාසගම දෙන්න තමයි හදන්නේ. මේ ප්‍රතිසංස් කරණ හා අධ්‍යාපන වැඩපිළිවෙල ගැනවත් ආණ්ඩුවට එකගතාවයක් නෑ. හරිනා අගමැතිතුමියට සිදු වුනේ ,එකත් කඩතොලු වසා ගැනීමට ගිහින් මට උන කාරියාදෙකක් කඩතොලු හදා ගන්නයි හරිනි ආචාරියා වැනි වැඩක්ය. අද ආණ්ඩුවට බල කාමය කියන රෝගය හැදිලා කප්පරක් බොරු කියලා රටේ බලය ඉල්ලුවා ඒකත් ජනතාව දුන්නා. ඊලගට පාර්ලිමේන්තුවේ බලයත් ඉල්ලුවා ඒකත් දුන්නා.ඊලගට ගමේ බලයත් ඉල්ලුවා ඒකත් දුන්නා. ඊලගට ග්‍රාම සංවර්ධන, සමිති සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජාමුල සමිතිවල බලය ඉල්ලනවා. හෙට අනින්දාට මරණාධාර ,මහිලා,කුලගන සමිති වලත් බලය ඉල්ලයි. අන්තිමට පවුලේ බලයත් ඉල්ලයි. නමුත් ඔවුන්ට හැබැයි ගැල පෙන්නේ ළමා සමාජ වල බලය. මොකද ඔවුන් සිදු කරනුයේ මොන්ටිසෝරි වැඩ. ජාතික තරුණ සේවා සභාව හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නමුත් යෞවන සමාජ වල බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතියක තමයි දැන් ආණ්ඩුව සිටින්නේ. නමුත් පසුගිය කිසිම රජයක් කිසිම දේශපාලන පක්ෂයක් යෞවන සමාජ වල දේශපාලනය කලේ නෑ. නමුත් වත්මන් ආණ්ඩුව කැත විදිහට , කුජිත විදිහට ඒවාට දේහපාලනය රින්ගවමින් සිටිනවා. ඒ පිටුපස සිටින්නේ එරංග ගුණසේකර ඇතුළු මාලිමා නායකයින්ය . ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img