සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය,‘‘ආණ්ඩුව සංචාරකයින්ගේ පැමිණීම වැඩි කරන බව පවසා රටවල් හතළිහකට නොමිලේ වීසා ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ආණ්ඩුව මෙවැනි දෙයක් සිදු නොකර ඔන්රයිවල් වීසා පදනමින් මෙය සිදුකළානම් අවම ලංකාවට පැමිණෙන විදේශිකයකුගෙන් ඩොලර් දහයක්වත් වීසා ගාස්තු ලෙස එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි දෙයක්වත් කල්පනා නොකර රටවල් හතළිහකට නොමිලේ වීසා ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. වීසා සැකසීම සඳහා යන ලියකියවිලි වලටවත් අවම වශයෙන් ඩොලර් දහයක පහලවක මුදලක් අය කළ යුතුයි. ආණ්ඩුව එසේ නොකිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුවෙනවා. කිසි නමුත් ආණ්ඩුවේ මෙම කටයුත්ත නිසා රටට පැමිණෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා.ඒ වගේම ආණ්ඩුව ඊශ්‍රායලයටත් නොමිලේ වීසා ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලයට නොමිලේ වීසා ලබාදීමට රජය තීරණය කළේ කුමන පදනමකින්ද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒවගේම ඊශ්‍රායල් රජය විසින් ගෙනයන සමූල ඝාතනයට විරුද්ධව ලෝකයේ බලවත් රටවල් නැගී සිටිනවා. ඒ වගේම ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාව ඉලක්ක කරගෙන සිදුකරන දරුණු ම්ලේච්ච ක්‍රියාවලියෙන් නැවැත්විය යුතු බව ලෝකයේ රටවල් විශාලරමාණයක් ප්‍රකාශ කර තිබෙනවා. මේ හරහා ලෝකයේ යම් බෙදීමකුත් ඇති වීතිබෙනවා.ඒ වගේම ඊශ්‍රායලය විසින් ගෙනයන ම්ලේච්ඡ සමූල ඝාතනය වැරදි ක්‍රියාවක් බව ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන තිබෙනවා.ඒ වගේම ශ්‍රීලංකාවට පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසයක් තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ , ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේගේ කාලයේ , චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ , මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ පලස්තීනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම ඊශ්‍රායලයේ විසින් ගෙනයන අමානුෂික ක්‍රියාවලියට එරෙහිව තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළේ පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන්.නමුත් ප්‍රගතිශීලී යැයි කියාගන්නා අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කිසිදු ලැජ්ජාවකින් හිරිකිතයකින් තොරව ඊශ්‍රායලයේ වෙනුවෙන් පෙනී සිටිනවා. කෙසේ නමුත් ඔවුන් විපක්ෂයේ සිටින විට පලස්තීනය වෙනුවෙන් විශාල හඬක් රට තුළ දියත් කරන්න කටයුතු කළා. ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊශ්‍රායලයට විරුද්ධව පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නගපු පිරිසක් තමයි අද ආණ්ඩුවෙ සිටින්නේ. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණ කාලයේ දි ඊශ්‍රායලය විසින් ගෙනයන අමානුෂික ඝාතන වලටඑරෙහිව පලස්තීන තානාපති කාර්යාලයේදී අනුර දිසානායක මහතා සාකච්ඡාවට කිහිපයක් ද පවත්වාතිබුණා. එවැනි ඉතිහාසයක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් අමානුෂික ක්‍රියාවලියක යෙදෙන ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනවා.ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේපවා ඊශ්‍රායල නායකයන් අපරාධකරුවන් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ට විරුද්ධව අධිකරණමය කටයුතු සිදු කරන්නත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය කටයුතු කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ලෝකය තුළ නිර්මාණය වෙමින් පවතිද්දී පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව ඊශ්‍රායලයට නොමිලේ වීසා ලබාදීමට තීන්දුු කළේ කුමන පදනමකින් දැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමතියි.ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායලය විසින් නීති විරෝධීව විවිධ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. එම මධ්‍යස්ථාන වසා දැමීමට වර්තමාන ආණ්ඩුව කිසිදු පියවරක් මේ වනතුරු ගෙන නැහැ. නමුත් පලස්තීනය වෙනුවෙන් හඬ නගන පිරිස් දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඊශ්‍රායල මධ්‍යස්ථානන පවත්වාගෙන යාමට ආණ්ඩුව ඉඩ ලබා දුන්නේ කෙසේදැයි අපට ප්‍රහේලිකාවක් තිබෙනවා.මෙවැනි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන ආණ්ඩුවක් බවට අද ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වී තිබෙනවා. නමුත් නමුත් අනුර දිසානායක මහතා ඇතුළු පිරිස විපක්ෂයේ කටයුතු කරන විට වෙනුවෙන් කතා කළා. ඒ වගේම ප්‍රගතිශීලී ව්‍යාපාරයක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළා. ඒ වගේම අධිරාජ්‍ය විරෝධි ප්‍රතිපත්ති ගැන ඔවුන් සාකච්ඡා කළා. ඒ වගේම ඊශ්‍රායලය විසින් සිදු කරන අපරාධ පිළිබඳව අනුර දිසානායක ඇතුළු පිරිස දිගින් දිගටම විපක්ෂයේ සිටින විට කතා කළා. මෙවැනි දේවල් කතා කළ අනුර දිසානායක මහතා ඇතුළු පිරිස බලය ලබා ගත්පසුව ඒ අපරාධකාරයන් සමඟ ගනුදෙනු හිතාගත නොහැකි කාරණයක්.ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් නොකර රටෙ ජාතික ආරක්ෂාව අර්බුදයකට සහ අනතුරකට ලක් කරතිබෙන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. ඒ වගේම අනුර දිසානායක මහතාගේ ආණ්ඩුව යුධ අපරාධ සිදුකළ රටකට නොමිලේ වීසා ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඊශ්‍රායල මධ්‍යස්ථාන රට තුළ ඉදිකරන්න ආණ්ඩුව සහාය ලබාදී තිබෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ රහස ඔත්තු සේවාවන්වලට ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන්න නිදහස ලබා දී තිබෙනවා. ඒ වගේම ඊශ්‍රායල ජාතිකයන්ට රට තුළ ව්‍යාපාර කිරීමට ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙනවා. මේ ආකාරයට කටයුතු කර ජාතික ආරක්‍ෂාව අනතුරට පත් කරන්නේ වර්තමාන ආණ්ඩුවයි.ඒ වගේම ලංකාවට යුක්‍රේන ජාතිකයන් සංචාරකයන් ලෙසපැමිණෙනවා. ඒ වගේම රුසියානු ජාතිකයන් ජාතිකයන්ද ජාතිකයන්ද සංචාරකයන් ලෙස ලංකාවටට පැමිණෙනවා. නමුත් ඔවුන්ට රට තුළ විවිධ මධ්‍යස්ථාන ඉදිකිරීමට ඉඩ ලබාදී නැහැ. ඔවුන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණ නැවත ඔවුන්ගේ රටවල්වලට පිටත් වෙනවා. ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයන්ට ලංකාව තුළ ලබා දී තිබෙන නිදහස වෙනත් කිසිදු ජාතියකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැහැ. ඒ අනුව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විශාල ප්‍රශ්න රැසක් අපටවෙනවා. රටේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂාවට හානි වන තීන්දු තීරණ ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මෙම ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව වග කිව යුතුයි. ඒ වගේම ඊශ්‍රායල ජාතිකයන්ට සහ රහස් ඔත්තු සේවාවන්වලට ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. කිසිදු ආකාරයක සොයා බැලීමකින් තොරව ඊශ්‍රායල් ජාතිකයන්ට රට තුළ නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබාදීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ඒ වගේම ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවත් අපි විශාල විරෝධයක්දක්වනවා.ඒ වගේම විපක්ෂයේ සිටින විට පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒවා විකුණමින් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය ගොඩනගාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහ වර්තමාන ආණ්ඩුවට අපගේ විරෝධය පළ කරනවා. ඒ වගේම ආණ්ඩුවේ දෙබිඩි විදේශ ප්‍රතිපත්තිය ජනතාව ඉදිරියේ හෙළිදරව් වී තිබෙනවා.ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණය ගැන නොසිතා පලස්තීනය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියා. ඒ වගේම පලස්තීන ජාතිකයින්ගේ නිදහස සහ අයිතීන් වෙනුවෙන් පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේදීත් පාර්ලිමේන්තුවෙන් පිටතදීත් පලස්තීනය වෙනුවෙන් විවිධ අරගල සහ උද්ඝෝෂණ පැවැත්වුවා.ඒ වගේම වර්තමාන ආණ්ඩුව ප්‍රභූවරුන්ගෙන් තොර ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබුනා. නමුත් මොවුන්ට වඩා හොඳ ප්‍රතිපත්තියක ප්‍රභූවරු කටයුතු කළා. වර්තමාන ආණ්ඩුවට වැඩිය හොඳ විදේශ ප්‍රතිපත්තියක් ඔවුන් අනුගමනය කළා. ඒ වගේම ඔවුන් පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියා. නමුත් ප්‍රභූන් නොවන කණ්ඩායමක් ලෙස හඳුන්වමින් වර්තමානයේ රට පාලනය කරන්නේ තක්කඩි රැලක්. වර්තමාන ආණ්ඩුවට කිසිදු දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තියක් කියන දේ පිළිබඳවත් මොවුන්ට අවබෝධයක් නැහැ. ප්‍රභූවරුන් ලෙස හඳුන්වන පිරිස පලස්තීනය වෙනුවෙන් ඊශ්‍රායල විරෝධී ස්ථාවරයක සිටියා.ඒ වගේම වරායේ තිබූ කන්ටේනර් තුන්සිය නමයක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කිලි මේ චෝදනාව වර්තමාන ආණ්ඩුවට එල්ල වුණා. එම චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. ඒ අනුව එම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. නමුත් අද වනතුරු එම වාර්තාව එළිදැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවට එම වාර්තාව සභාගත කිරීමට ආණ්ඩුව කටයුතු කළෙත් නැහැ. කිසි නමුත් ඒ වාර්තාව සඟවාගෙන සිටීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. මෙම බහලුම් සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු කාරණා ඇතුළත් වී තිබෙන නිසා මෙම කමිටු වාර්තාව එළිදැක්වීමට ආණ්ඩුව කටයුතු නොකර සිටීමට දරන උත්සාහය හරහා හොදින්ම පැහැදිලි වෙනවා. ඒ වගේම මෙම බහලුම් 309 සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ප්‍රකාශයක් හෝ පරීක්ෂණයක් ආණ්ඩුව හරහා සිදුවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමටත් ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඒ වගේම මෙම බහලූම් 309 හිමි කාටදැයි ආණ්ඩුව පාර්ලිමේන්තුවටවත් ප්‍රකාශ කළේ නැහැ.ඒ වගේම රටට ලුණු ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ජුනි මාසයේ දහවෙනිදා වනතුරු ලුණු ආනයනයට අවසර ලබා දෙන බව එම ගැසට් නිවේදනය සඳහන්වුණා. ඒ වගේම ලුණු ආනයනය කළ බහළුම් හාරසීයකට ආසන්නරමාණයක් මේ වන විට වරාය තුළ සිරවී තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව ජූනි දහවෙනිදාට පසුව මෙම බහලුම් වරායට පැමිණීම නිසා මෙම බහලුම් නිදහස් කිරීමට අපහසු බව ලුණු ආනයනය කළ ආනයනකරුවන්ට රජය දැනුම් දී තිබෙනවා.නමුත් මෙම බහලුම් තොගයෙන් බහලූම් හයක් පසුගිය සතියේ නිදහස් කරගෙන තිබෙනවා. මෙම බහලුම් හය නිදහස් වීම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මෙම බහලුමි හය පැමිණ තිබෙන්නේත් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය සඳහන් දිනයට පසුවයි. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා පසුගිය ආණ්ඩුවල සිටියේ ගජ මිතුරු ආර්ථිකයක් නිර්මාණය කරන පිරිසක් ආණ්ඩුවල සිටින බවයි. ඒ වගේම මෙම ගජ මිතුරු ආර්ථිකය වෙනස් කරන බව ප්‍රකාශ කරලා තමයි අනුර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ. නමුත් වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ටත් වඩා හොඳ ගජ මිතුරු පිරිසක් එකතු කරගෙන තිබෙනවා. ජනාධිපතිවරයාගේ එම ගජ මිතුරු කණ්ඩායම සිටින්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපතිවරයාගේ හොඳම මිත්‍රයන් බවට මේ වන විට පත්වී තිබෙන්නේ පැලවත්ත පැලවත්ත කාරයාලයේ පිරිස නෙවෙයි. රජයේ ආයතනවල සෑම ව්‍යාපාරයක්ම ලබාගන්නේ ජනාධිපතිවරයාගේ මෙම ගජ මිතුරු කණ්ඩායමයි. ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. කෙසේ නමුත් නැවත මේ ක්‍රියාත්මක වන්නේ ගජ මිතුරු ආර්ථිකයයි. පසුගිය ආණ්ඩු කළ වැඩ කටයුතුම තමයි වර්තමාන ජනාධිපතිවරයාත් සිදුකරන්නේ.ඒ වගේම රට තුළ ලුණු හිඟයක් පැවති නිසා රාජ්‍ය නීතිගත සංස්ථාව ලුණු මෙට්‍රික්ටොන් 11,000 ක් ආනයනය කළා. එම ලුණු තොගයෙන් හම්බන්තොට ලුණු ලේවායට ලබා දුන්නේ මෙට්‍රික් ටොන් 4000 යි. ඉතිරි වුණු ලුණු තොගය පිළිබඳව මේ වනතුරු කිසිදු සඳහනක් නැහැ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතත හරහා තොරතුරු ඉල්ලුවත් තවමත් එම තොරතුරු ලබාදීමට රාජ්‍ය නීතිගත සංස්ථාව කටයුතු කළේ නැහැ. ඉතිරි ලුණු තොගය ලබා දුන්නේ කාටදැයි ආණ්ඩුවවහාම ප්‍රකාශ කළ යුතුයි.ජාතික ජන බලවේගය රටේ නිදහස් ආර්ථිකයක් ඇති කරන බව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. ඒ වගේම රටේ නීතිය ආධිපත්‍ය ඇති කරන බව , ඒ වගේම ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙනන බව , කියු අනුර දිසානායක ජනාධිපතිවරයා ඔහුගේ ගජ මිතුරන්ට ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.ඒ වගේම මෙම ලුණු බහළුම් හය නීති විරෝධීව වරායෙන් පිටත් කොටතිබෙනවා. රටේ අනෙකුත් ව්‍යාපාරිකයන්ගේ බහලුම් වරාය තුළ තබාගෙන ජනාධිපතිවරයාගේ හිතවත් ව්‍යාපාරිකයක්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම පසුගිය කාලයේදී ලංකාවේ ලුණු කිලෝවක් අලෙවි වුනේ රුපියල් සියයකට. නමුත් කෙටි කාලයක් තුළ ලුණු කිලෝව රුපියල් 350ක් දක්වා ඉහළ ගියා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. කාලගුණ ප්‍රශ්නය නිසා ලංකාවේ ලුණු නිෂ්පාදනය අඩුවී ඇති බව එහිදී විෂය භාර ඇමතිවරයා ප්‍රකාශ කළා. කිසි නමුත් මෙවැනි කතාවක් අපි අහන්නේ ඉතිහාසය පළවෙනිි වතාවට. කිසි නමුත් ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව යම් යම් ව්‍යාපාරිකයන් ලුණු මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක කරගෙන යන බව පැහැදිලි වෙනවා. ඒ ලුණු මාෆියාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිගින් දිගටම හෙළිදරව් කළා.ඒ වගේම රටේ බහුතරයක් ව්‍යාපාරිකයන් වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදුන්නා. නමුත් ආණ්ඩුව ඔවුන්ට හිතවත් කිහිප දෙනෙකුට විවිධ වාසි ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ට ව්‍යාපාර හරහා ස්ථාවරවීමට රජය සහන ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ලෝකය තුළ රැඳී සිටීමට තිබෙන අවස්ථාව නැති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.‘‘






















