Friday, May 22, 2026
HomeNEWSමම ගරිල්ලා භටයෙක්, මරාගෙන මැරෙනවා-ජවිපෙ හිටපු ප්‍රබලයෙකු වූ නන්දන ගුගුරයි

මම ගරිල්ලා භටයෙක්, මරාගෙන මැරෙනවා-ජවිපෙ හිටපු ප්‍රබලයෙකු වූ නන්දන ගුගුරයි

තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටිමෙන් හිමි වූ විශ්‍රාම වැටුමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කරයි.ජනාතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයකු ලෙසද ඉදිරිපත් වී ඇති ඔහු තම සමාජ ජාල දිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව මරාගෙන මැරෙන්න තමන් සූදානම් බවයි.අදාල සම්පූර්ණ සටහන මෙසේය.****මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්‍රීවරු ජේවීපී , ශ්‍රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට කිව්වෙ..හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්‍රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .ඔක්කොම හොරු කියල හදාපු මිත්‍යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්‍රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..ඔව් මැරෙනව…!!!හැබැයි තනියෙං නෙවෙයි.මම ගරිල්ලා භටයෙක්..!!!ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.යුද්ධෙ හිටියෙ..!!!ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!මම මැරෙන්න ලෑස්තියි..!!!අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img