Tuesday, August 18, 2026
HomeNEWSහිඟුරානේ උක් ටොන් දෙලක්ෂ පනස්දහසක් අඹරගන්න විදියක් නැතුව අපතේ

හිඟුරානේ උක් ටොන් දෙලක්ෂ පනස්දහසක් අඹරගන්න විදියක් නැතුව අපතේ

සෙවණගල, පැල්වත්ත, හිඟුරාන සහ ඇතිමලේ උක් ගොවින් බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවත් සීනි මෙට්‍රික් ටොන් 23,000ක් විකුණා ගන්න නොහැකිව ගොඩ ගැසී ඇති ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා හෙළි කරයි.නුගේගොඩ පැවති පුවත්පත් සාකච්ජාවකදී ඒ මහතා මේ බව කියයි.එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද පැවසීය.“දැන් මාස ගණනාවක් තිස්සේ පැල්වත්ත, සෙවණගල, හිඟුරාන සහ ඇතිමලේ ප්‍රදේශවල උක් ගොවින් ඉන්නේ බරපතළ ගැටලු ගොඩක් එක්ක. දැන් කාලයක් තිස්සේ ඔවුන් මේ ප්‍රශ්නය අදාළ බලාධාරීන් එක්ක සාකාච්ඡා කළත් තවමත් ගැටලුවට විසඳුමක් ලැබිලා නෑ. මේ වෙද්දී සීනි මෙට්‍රික් ටොන් 23,000ක් විකුණගන්න විදිහක් නැතුව ගොඩගැහිලා. එතනෝල් විශාල ප්‍රමාණයක් තියනවා විකුණා ගන්න විදිහක් නෑ.අනිත් පැත්තෙන් උක් වගාවට පොහොර යොදන්න ඕන කාලේ ඇවිත්, නමුත් ගොවීන්ට පොහොර ටික ගන්න විදිහක් නෑ. පැළ තවාන් නඩත්තු කරගන්න විදිහක් නෑ. ඒ කියන්නේ ඊළඟ කන්නයේ වගාවට අවශ්‍ය බීජ ටිකවත් ගොවීන්ට ලැබෙන්නෙ නෑ. අපි දන්නවා උක් වගාවෙදි සාමාන්‍යයෙන් අවුරුදු තුන හතරකට සැරයක්වත් බිම සකස් කිරීම කරන්න ඕන. හැබැයි ඒ සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර ටිකවත් අද ගොවීන්ට නෑ. ඒ වගේම තමයි විකුණපු උක් අස්වැන්නේ සල්ලිවත් ගොවින්ට ලැබිලා නෑ. දැන් රටේ උක් ගොවියන් ඉන්නේ මේ වගේ බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් එක්ක.මේ කන්නයේදී හිඟුරාන ප්ලාන්ටේශන් එකේ ගොවීන් අක්කර 65,000ක් වගා කළා. දැන් ඒකෙන් උක් ටොන් දෙලක්ෂ පනස්දාහක් අඹරගන්න බැරුව ඉතුරු වෙන්න නියමිතයි. පසුගිය මාර්තු මාසේ කපන්න තිබ්බ උක් අස්වැන්න තමයි මේ වෙද්දි සෙවණගල ගොවීන් කපන්නේ. ඒ උක් ගස්වල සාරවත් බව දැන් ගිහිල්ලා. ඒ උක් ගස්වල දැන් අවශ්‍ය සීනි ප්‍රමාණය නෑ. මෙච්චර ප්‍රශ්නයක් වෙලත් ආණ්ඩුවට උක් ගොවීන් ගැන කිසිදු තැකීමක් නෑ.අපි දැක්කා පසුගිය සිකුරාදා සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයා මොනරාගල දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගි වුණා. නමුත් උක් ගොවින් මේ ප්‍රස්නේ ඉදිරිපත් කළාට පස්සේ ඒ සඳහා නිශ්චිත විසඳුමක් දෙන්න ඔහුට හැකියාවක් තිබුණේ නෑ. ඇමැතිවරයා කිව්වේ තව සති තුනක් ඉවසන්න කියලා, දැන් ඇමතිවරයාගේ උත්තරේ අනුව අපිට පැහැදිලියි ඔහු මේ කියන්නේ දැනට ලංකාවට ගෙන්නලා තියෙන එතනෝල් ඉවර වෙනකල් ගොවීන්ට බලාගෙන ඉන්න කියලා. ඊට පස්සෙ සීනි සමාගම්වල එතනෝල් විකුණගන්න.නමුත් අපි දන්නවා ඇමතිවරයා කියන විදිහට සතියෙන් දෙකෙන් එතනෝල් ඉවර වෙලා ඉබේටම විසඳන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මොකද දැනටමත් විශාල එතනෝල් ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා ඉවරයි. අනික් පැත්තෙන් දැනට බඩ ඉරිඟු විශාල ප්‍රමාණයක් ගෙන්නනවා. උක්වලට වඩා අඩු වියදමකින් බඩ ඉරිගු මගින් එතනෝල් නිෂ්පාදනය කරන්න පුළුවන්. එකනිනුත් පහර වදින්නේ උක් ගොවීන්ට. අනිත් එක තමයි මේ වෙද්දී කුඹුරුවල ගොයම් කැපෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img