Tuesday, August 18, 2026
HomeNEWSජනාධිපති ලේකම්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක්

“”නව ජනතා පෙරමුණ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා හා නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර මහතා විසින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අවබාවිතා කිරිම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දෙමින් ඉල්ලා සිටියේය. එහිදි නව ජනතා පෙරමුණ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා විසින් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල අපි දැක්කා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාට අයත් සුඛෝපභෝගි ඔහුගේ නිල රථය ඊයේ දිනයේ දී අධික වේගයෙන් යමින් සිටිය දී පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී රිය අනතුරකට ලක් වෙනවා. මෙම රිය අනතුර සිදු වන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඉදලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ බිරිද බවට තොරතුරු ලැබිලා තියෙනවා.පාරේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටීම නිසා මව පියා හා වයස අවු 2,6 දරුවන් දෙදෙනාත් රෝහල් ගත කරලා තියෙනවා. අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා හා මව තවම ප්‍රතිකාර ලබමින් සිටින්නේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ නිල රථය තම බිරිද හෝ වෙනත් පාර්ශවයක් විසින් කොහොම ද මේ ලෙස භාවිතා කරන්නේ කියලා. මෙය රාජ්‍ය දේපල අවභාවිතාව කිරිමක්. අපට ලැබි ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිද මෙම රථය යොදා ගෙන ඇත්තේ බිරිදට සාප්පු සවාරි යාම සඳහාය. පුනරුද ආණ්ඩුව පත්වුනේ කිසිම රාජ්‍ය දේපලක් අවභාවිතා නොකරන බව ප්‍රකාශ කරමිනි.නමුත් අද වනවිට රජයේ මැති ඇමතිවරුන් නිළධාරින් කිසිදු හිරිකිතයක් නැතිව රාජ්‍ය ද්පල අවභාවිතා කරනවා. ජනාධිපති ලේකම්තුමාම ඔහුගේ බිරිදට සාප්පු සවාරි යන්න දිලා අනතුරට පත් වුනාම එය සාධාරණියකරනය කරනවා. නමුත් අපට තොරතුරු ලැබි ඇත්තේ මෙම අනතුර සිදු වි ඇත්තේ රාත්‍රී 9.00 ට බවය. රෑ නමයට එවැනි පෞද්ගලික ගමන් යාමට ඇත්නම් රාජ්‍ය දේපල භාවිතා නොකර තම බිරිදට පෞද්ගලික රථයක් ලබා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ., ඔබතුමා රට ඉදිරියේ චංචා දුෂණ වලින් තොරව රාජ්‍ය සේවය ආදර්ශමත් වෙන්න කියලා බන දේශනා කරමින් සිදු කරනුයේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” වගේ වැඩක් කියලා. ජනාධිපති ලේකම්තුමනි , අනේ පින් සිද්දවෙයි…රාජ්‍ය දේපල අවභාවිතා නොකර නෝනට සවාරි යාමට වාහනයක් අරන් දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධව අපට විශාල සැකයක් පවතිනවා, පොලිසිය පක්ෂග්‍රාහිව ක්‍රියා කිරීමක් සිදු කර ඇති බවට.පුද්ගලයෙකු අතින් රිය අනතුරක් සිදු වු විට යම් පුද්ගලයෙක් ඒ තුලින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්නම් කිසිම අවස්ථාවක එම රිය අනතුර සිදු කල තැනැත්තා නිතියෙන් නිදහස් කරනු නොලබයි. මෙහිදි පොලිසිය විසින් නිවරදි තොරතුරු අධිකරණයට ලබා දී ඇත් දැයි යන්න අපට පැහැදිලි සැකයක් පවතිනවා මන්ද එම අනතුර සිදු කල පුද්ගලයා නීතියෙන් නිදහස් කිරිම සිදු කර ඇති නිසාය. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්තුමන්ගේන් රාජ්‍ය දේපල අවභාවිතාව හා අපහරණය පිළිබදව පැහැදිලි කට උත්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගනීවි යයි කියලා. ඒ වගේම ජනාධීපති ලේකම්තුමන්ගේ නිදහස් කල රියදුරු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස නව ජනතා පෙරමුණ වන අප විසින් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img