Sunday, August 16, 2026
HomeNEWSනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා විපක්ෂය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා විපක්ෂය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනා කිරීමට විපක්ෂය තීරණය කරයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අප සමග ප්‍රකාශ කළේ ලබන පාර්ලිමේන්තු සතියේ දී ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට වර්තමාන රජය පසුගිය මැතිවරණවලදී රටට පොරොන්දු වූ බවත් මේ වන විට එම පොරොන්දුව රජය විසින් උපක්‍රමශීලීව අමතක කරමින් සිටින බවත් ගයන්න කරුණක මහතා පෙන්වා දෙන ලදී. රට හමුවේ තැබූ එම පොරොන්දුව ආණ්ඩුවට සිහිපත් කරමින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට යෝජනා කරන බව ඒ මහතා සඳහන් කළේය. මෙම යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සියළුම පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිවී තිබෙන බවත් ගයන්ත කරුණා තිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img