Friday, May 22, 2026
HomeNEWSපැලවත්තට යන රොකට් එකක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

පැලවත්තට යන රොකට් එකක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, “චිචීගේ රොකට්ටුව” ලෙස ප්‍රසිද්ධ වූ චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය විසින් කරන ලද ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වා තිබේ.අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඒ පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පැලවත්ත පක්ෂ කාර්යාලයට කඩා වැටීම වැළැක්වීමට පියවර ගත යුතු බවත්ය.තවදුරටත් අදහස් දක්වමින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය තුළින්ම පරස්පර විරෝධී මත පළවීම පුදුමයට කරුණක් බවත්, එය රජයේ අභ්‍යන්තර බෙදීම් පෙන්නුම් කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.මෙවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම රජයක වගකීම බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img