Sunday, August 16, 2026
HomeNEWSරටින් සල්ලි එළියට යනවා, ඒක හොඳ තත්ත්වයක් නොවෙයි -රවී

රටින් සල්ලි එළියට යනවා, ඒක හොඳ තත්ත්වයක් නොවෙයි -රවී

*පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුව**බත්තරමුල්ල නිවසේදී*මෙහිදී අවධානය යොමු කළ කරුණු කීපයක් පහතින් දැක්වේ. (01), ට්‍රම්ප්ගේ බදු ලෝකයටම ආන්දෝලාත්මක තත්වයක් ඇති කලා.ට්‍රම්ප් උදේ කියන එක හවස වෙනස් කරනවා.මේක ලෝකයට එතරම් හොද තත්වයක් නොවෙයි.අද ගෝලීයකරණය කුඩුපට්ටම් වෙලා. එදා ඉන්දියාව එක්ක සුරතලයට කතා කල අය 50% ක බදු පනවලා. ඒක ගැන ලංකාවට තාවකාලික තෘප්තියක් තිබුනට කලාපීයව ගැටලුවක් වෙන්න පුලුවන්. අප්‍රිකාවට 15% ක් සහ දියුණු වෙමින් තියන රටවලට 20% ක් කරලා.දැන් ඉන්දියාවෙන් සෘජුව යවනවා වෙනුවට ලංකාවට ගෙනත් ලංකාව හරහා යවන්න පුලුවන්.(2),මහ බැංකුව කිව්වා USD මිලියන 1000 ක සෘජු ආයෝජන ගෙනාවා කියලා.මේක ඕන කෙනෙකුට කියන්න පුලුවන්.රනිල් මහත්මයා පිටවෙනකොට තිබුනු ගනන එක්ක බලනකොට ප්‍රශ්නයක් තියනවා.ඒ නිසා මහ බැංකුව මේකේ Net Gain එක කියන්න ඕන.අපිට පේන්නේ රටින් සල්ලි එලියට ගිහින් තිබෙන ආකාරයයි.මහ බැංකුව මේ රටේ ආර්ථිකයට උදව් වෙනවට වඩා හානි කරලා. දැන් අහිංසක මිනිසුන්ගේ ලීසිං ගහපු අයගේ වාහන ගන්නවා. හිතක් පපුවක් නැති විදියට වැඩ කරනවා. දැන් පුලුවන් තරම් ආයෝජන රටට ගේන්න ඕන.ණය ගෙවන එකම ක්‍රමය අපනයනයයි.(3),IMF එක කියන්නෙ අපනයන ඕන උනාට දිරිගන්වන්න බෑ කියලා.මේ ගැන අපි කතා කරන්න ඕන.මේ රටේ අපනයන සදහා දිරි ගැන්වීම් අවශ්‍යයි.(4), රජය හරි දිශාවට වැඩ කරනවා පේන්නේ නෑ.කාර් ගෙනත් රේගුවේ හිර කරන් ඉන්නවා.BYD ප්‍රශ්නයක් ආවා.තීන්දු ගැනීම අවශ්‍යයි.අපි විපක්ෂයේ හිටියා කියලා ආණ්ඩුවට බනින්නම ඕන නෑ. රුපියල ආරක්ෂා කරගන්නත් ඕන.හරි දේ අපි හරි කියනවා.ඇතැම් අය electric වාහන ගෙන්වනවා, ඒ අතරේ මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් තෙල් දීමනාවත් ඒවාට අරගෙන තියනවා.මීට පෙර ආණ්ඩු කලේ ත්‍රීරෝද රථ ගෙන ඒම අධෛර්යමත් කිරීමක්. නමුත් මේ ආණ්ඩුව ලීසිං ලබා දීම වැඩි කරලා.අපි එදත් කිව්වේ මේ රටේ ප්‍රශ්න කරන්නේ රාජ්‍ය නිලධාරීන් සුලු පිරිසක්.(5), උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල ඉහල යාමේ වේගය.වේගය අඩු උනාට මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා නෑ.මට අවශ්‍ය රට ඉදිරියට යාමයි.පෙලපාලි කිරීම අපිට ගැවිලාවත් නෑ.හරි මාර්ගයේ යන්න ඕන.වැඩ කරන අයට හතුරෝ ඉන්නවා, මට ඒ ප්‍රශ්නය තියනවා.අපි වැඩ කරන අය.සැබෑ මට්ටමේ වෙන්නේ මාධ්‍ය වාර්ථා කරන දේ නෙවෙයි.අනිවාර්යයෙන්ම විපක්ෂය කල යුත්තේ ආණ්ඩුවට යම් කාලයක් දීලා ඉන්පසු වැරදි මතක් කිරීමයි.(6), Supreme Sat එකේ කතාව ගැන නිවැරදි කිරීමක් අවශ්‍යයි.BOI කියන්නේ වැදගත් ආයතනයක්. BOI එක එදා ඉදන් වැරදි දේ කිව්වා.PORT CITY ඒකේ ආයෝජනය කරන්න හැමෝටම අවස්තාව දෙන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img