සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා, වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය, ‘‘පසුගිය ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා යම් කිසි අතිතයකින් සිටින බවක් එහිදී දකින්න ලැබුණා. ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩ කටයුතු සහ මෙම කාල වකවානුව තුළ සිදුකිරීමට නොහැකි වුණ කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේ සඳහන් වුණා. ඒ වගේම ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කතාවේදී යම් යම් පුද්ගලයන්ට තර්ජනාත්මක ලෙස අමාන්ත්‍රණය කළා. ඒ වගේම ජනාධිපතිවරයා සිය කතාවේදී හාස්‍ය උද්පාදනය වන ආකාරයේ ප්‍රකාශත් සඳහන් කළා. කෙසේ නමුත් ජනාධිපතිවරයා කතාකරන ස්වභාවය අනුව ඔහු දැඩි පීඩනයකින් සිටින බවක් පෙනී යනවා. ඒ වගේම ජනාධිපතිවරයා සිදුකළ රාජාසන කතාව සහ අයවැය ඉදිරිපත් කරමින් සිදුකළ කතාව අතර වෙනසක් නැහැ. බලය ලබාගැනීමට පෙර සිදුකළ කතාව සහ බලය ලබාගෙන අවුරුද්දකට පසුව ජනාධිපතිවරයා සිදුකළ කතාව අතර වෙනසක් නැහැ. ආණ්ඩුවේ නොහැකියාව ජනාධිපතිවරයාගේ කතාව තුළින් දකින්න ලැබුණා. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ වැඩපිළිවෙළ ආණ්ඩුවට සිදුකිරීමට අවකාශයක් ලැබී නැති බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේ දකින්න ලැබුණා. ඒ වගේම බලය ලබාගෙන ජාතික ජනබලවේග ආණ්ඩුවක් තුළින් ක්ෂණිකව ජනතාවට ලබාදෙනවා යැයි කියු දේවල් එකක්වත් ඉටු කරන්න කටයුතු කර නැහැ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ මුල්‍ය අක්‍රමිතකා සිදුවන බවත් ජාතික ජනබලවේග ආණ්ඩුවක් තුළින් එම අක්‍රමිකතා අවම කොට ජනතාවගේ විදුලි බිලට සහනයක් ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළා. ඒ වගේම විදුලි බල මණ්ඩලය තුළ නිසි පරිපාලනයක් නොමැති බව පැවැති ආණ්ඩුව වලට මොවුන් විවිධ චෝදනා පවා එල්ල කළා. නමුත් විදුලි බිල අඩු කර ජනතාවට සහනයක් ලබාදෙන්න ආණ්ඩුවට තවම හැකියාවක් ලැබී නැහැ. ඒ වගේම ඉන්ධන මිල සීඝ්‍ර ලෙස පහත දැමීමට අවස්ථාව තිබෙන බව ජාතික ජනබලවේගය බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළා. ඒ වගේම පසුගිය ආණ්ඩුවල ඇමැතිවරු ඉන්ධන හරහා විශාල කොමිස් මුදල් ලබාගෙන තිබෙන බවත් ඔවුන් දිගින් දිගටම චෝදනා එල්ල කළා. නමුත් ඉන්ධින මිල අඩුකරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව මෙතෙක් කටයුතු කරලා නෑ. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩවලට , පාසල් උපකරණවලට අය කරන වැට් බද්ද අඩු කරන්න කටයුතු කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් එය තවම සිදුවෙලා නෑ. ඒ වගේස අස්වැසුම ලබන අඩු ආදායම්ලාභි ජනතාවට බඩු මල්ලක් ලබාදෙන කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් මේ ආකාරයට ජනතාවට ලබාදුන්න කිසිදු පොරොන්දුවක් ඉටු කරන්න ආණ්ඩුවට හැකියාව ලැබී නැහැ. ඒ වගේම රටේ ජනතාවට ආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසය අඩුවී ගොස් තිබෙනවා. ඒ වගේම ආණ්ඩු බලය ලබාගැනීමට පෙර රටේ කර්මාන්ත ශක්තිමත් කරන බව , සංචාරක ව්‍යාපාරය දියුණු කරන බව , ආයෝජන ගෙන එන බවට විශාල පොරොන්දු රැසක් ජනතාවට ලබාදුන්නා. නමුත් ඒ ලබාදුන්න පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.ඒ වගේම රටේ වැවිලි කර්මාන්ත විෂයභාර ඇමැතිවරයා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. දිනෙන් දින වැවිලි කර්මාන්තය කඩාවැටීමට ලක්වෙමින් තිබෙනවා. ඒ වගේම රටට විශාල විදේශ විනිමයක් ලැබෙන තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව කිසිවක් සිදුකරන්නේ නැහැ. තේ කර්මාන්තය නගා සිටුවීමට රජය ලබාදෙන මැදිහත්වීම අවමයි. තේ කර්මාන්තය පිළිබඳව ආණ්ඩුව අවදානය යොමු නොකරිම කණගාටුවට කාරණයක්. ඒ වගේම පසුගිය වසරවලට වඩා මෙම වසරේ තේ අපනයනය අඩු වී තිබෙනවා. ඒ වගේම තේ අපනයනයට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ කුඩා තේවතු හිමියන්. ඔවුන්ට අද තේ අස්වැන්න ලබාගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම කුඩා තේවතු හිමියන්ට බලපෑ විශාලම ප්‍රශ්නය වුයේ පොහොර ප්‍රශ්නය. කෙසේ නමුත් පොහොර ප්‍රශ්නයට නිසි විසදුමක් ලබාදෙන්න ආණ්ඩුව තවමත් කටයුතු කරලා නැහැ. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුවේදීත් කතා කළා. එහිදී ආණ්ඩු පාර්ශ්වය ප්‍රකාශ කළේ තේ සඳහා අවශ්‍ය පොහොර ලබාදිමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි. නමුත් කුඩා තේවතු හිමියන්ට අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ නිසියාකාරව තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම පොහොර ලබාගැනීම සඳහා තේ මණ්ඩලය අයදුම්පත්‍රයක් සකස් කර තිබෙනවා. නමුත් එම අයදුම්පත නිකුත් කර තිබෙන්නේ තේ කර්මාන්තශාලාවලට. ඒ අනුව අදාල තේ කර්මාන්තශාලාවල තේ සපයන පිරිසට පමණයි එම අයදුම්පත ලැබෙන්නේ. මෙය සාර්ථක වැඩපිළිවෙළක් නෙවෙයි. තේ කර්මාන්තශාලාවට අමු තේ දලු ගෙන එන්නෙ එක්තරා පුද්ගලයෙක්. ඒ අනුව සෑම කුඩා තේ වතු හිමියෙකුගේම අදාල තොරතුරු තේ කර්මාන්තශාලාවලට ලබාදිමේදී ගැටලුවක් මතුවෙනවා. කෙසේ නමුත් කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාර ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාරය ලබාදිමේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර , තේ සංවර්ධන නිලධාරින් හරහා තොරතුරු ලබාගෙන පොහොර සහනාධාරය ලබාදිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම වතු කම්කරුන්ගේ ප්‍රශ්නයට තවම විසදුමක් ලබාදෙන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ආණ්ඩුව වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බවට පොරොන්දු වී තිබුණා. නමුත් ආණ්ඩුව දැන් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නෑ. ඒ වගේම වැවිලි කර්මාන්ත ඇමැතිවරයා අදාල තේ වතු සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නවත් අවතිර්ණ වෙලා නෑ. වතු කම්කරුවන්ට රුපියල් 1300 ක දෛනික වැටුපකින් ජිවත් වීම ඉතාම අසිරු කාර්යයක්. ඒ වගේම රබර් කර්මාන්තයේ නියැලි සිටින කම්කරුවන්ටත් අද විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. දෛනික වැටුප ලබාගැනීමට ඔවුන්ට ඉලක්කයක් ලබාදී තිබෙනවා. එම ඉලක්කය සම්පුර්ණ නොකළහොත් ඔවුන්ට ලැබනේනේ වැටුපෙන් භාගයයි. මේ ආකාරයේ ගැටලු රැසක් තේ කර්මාන්තයේ සහ රබර් කර්මාන්තයේ දකින්න ලැබෙනවා. මේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලන්න , බලධාරින් සමඟ සාකච්ඡා පවත්වන්න , මේ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න විෂය භාර ඇමැතිවරයා සහ නිලධාරින් කටයුතු කරන්නේ නැහැ. මේ ආකාරයට වැවිලි කර්මාන්තය ගමන් කළහොත් ඉදිරියේදී වැවිලි කර්මාන්තයට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම කම්කරුන්ට නිසි වැටුපක් සහ පහසුකම් ලබා නොදුන්නහොත් ඔවුන් මෙම ක්ශ්‍රේත්‍රයෙන් ඉවත් වීමට ඉඩ තිබෙනවා. වැවැලි කර්මාන්තය බිද වැටුණහොත් රටේ විදේශ විනිමයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා.ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව ඇති කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වී තිබෙන බව ආරක්ෂ නියෝජ්‍ය ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව ඇතිකොට රටේ අපරාද , වංචා , දුෂණ නැති කරන බව ඔවුන් මැතිවරණවේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම රටේ අපරාද නැති කොට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුවට අවශ්‍ය පෝය දෙකයි කියලා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළා. නමුත් අද වනවිට වෙඩි තැබිම් 77 සිදුවෙලා තිබෙනවා. වෙඩි වැදිම් නිසා මනුෂ්‍ය ඝාතන 42 ක් සිදුවෙලා තිබෙනවා. වෙඩි වැදිම් නිසා තුවාල ලැබු 48 ක් සිටිනවා. මේවැනි තත්ත්වයක් තමයි අද රට තුළ ක්‍රියාත්මක වන්නේ. ආණ්ඩුව ජනතාවට ජිවත් වීමේ නිදහසත් නැතිකොට තිබෙනවා. ආණ්ඩුව සියලු කාරණාවලින් අසමත් බව මේ හරහා සනාථ වෙනවා.ඒ වගේම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සිදුකරන සොයාබැලිම් අඩු වී ඇති බව ඇමැතිවරයා පිළිගෙන තිබෙනවා. ඒ වගේම වැඩබලන පොලිස්පතිවරයා ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ භුමිකාව රඟදක්වන්න උත්සහ දරනවා. රටේ සිදුවන අපරාධ සඳහා වගකිව යුත්තේ රටේ සිටි මැති ඇමැතිවරු බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් රටේ සිදුවන අපරාධ මඩින්න පොලිස්පතිවරයා කටයුතු කළ යුතුයි. රටේ අපරාද මඩින්න පොලිසිය මෙහෙයවිය යුත්තේ වැඩබලන පොලිස්පතිවරයා. රටේ සිදුවන අපරාද මඩින්න පොලිසියට නොහැකිනම් පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි. රටේ සිදුවන අපරාධ නවත්වා ගැනීමෙ වැඩ බලන පොලිස්පතිවරයාට ශක්තියක් හැකියාවක් නැහැ. ඔහු දේශපාලඥයෙකුගේ භුමිකාව රගදක්වනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලුම දෙනාට රටක් පාලනය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට ආර්ථිකය පිළිබඳව , ආරක්ෂාව පිළිබදව , කිසිදු දැනුමක් නැහැ. කෙසේ නමුත් රජය අසමත් බව මෙම කාරණාවලින් සනාථ වෙනවා.ඒ වගේම වැටුණ රට , බංකොලොත්වුණ රට , පොලිං යුගය නැති කළේ , ආර්ථික වර්ධන වේගය වැඩි කළේ , ඩොලර් සංචිත වැඩි කළේ වර්තාමන රජය බව ආණ්ඩුවේ මැති ඇමැතිවරයා ප්‍රකාශ කරමින් සිටිනවා. නමුත් රටේ ජනතාව හොදින්ම දන්නවා රටේ පොලිං යුගය නැති කරලා , රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කොට , රටේ ඩොලර් සංවිත ප්‍රමාණය වැඩි කරගෙන , ආර්ථික වර්ධන වේගය වැඩි කරගෙන රට මේ තත්ත්වයට ගෙන ආවේ පසුගිය ආණ්ඩුවයි. වර්තාමන ආණ්ඩුව බොරුව සමාජ ගතකොට එම බොරු ඇත්තක් බවට පරිවර්තනය කරන්න ආණ්ඩුව දිගින් දිගටම උත්සහ දරමින් සිටිනවා. ඒ වගේම මන්ත්‍රිවරයෙකු අගමැතිවරියගෙන් ප්‍රශ්නයක් ඇසු විට ඒ සඳහා පිළිතුරු ලබාදිමට අගමැතිවරය විසින් ආදල ආයතනවලින් නිවැරදි තොරුතුරු ලබාගෙන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් නිකුතු කරනු ලබනවා. අගමැතිවරිය සිදුකරන ප්‍රකාශය වගකිවයුතු ප්‍රකාශයක් බවට පිළිගැනිමේ සම්ප්‍රදායක් රට තුළ තිබෙනවා. නමුත් අගමැතිවරය සිදුකළේ සත්‍ය නෙවෙයි අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම නැවත පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරනවා. අගමැතිවරියට වැරදි තොරතුරු ලබාදී එතුමිය නොමග යැමිට කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ආණ්ඩුවට ඔවුන්ගේ අගමැතිවරිය පිළිබඳව විශ්වාසයක් නැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. ආණ්ඩුවේ අගමැතිවරිය නොමග යැමට හැකියාව තිබෙනවා , එතුමියට කිසිවක් කර ගැනිමට නොහැකි බව සමාජ ගත කරන්නයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම උත්සහ කරන්නේ. ඒ වගේම ආණ්ඩුව තුළ තිබෙන බෙදිම් දැන් එළියට එන්න පටන් ගෙන තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව ඉදිරියේදී ආණ්ඩුව දෙදරිමට ලක්විමට නියමිතියි. ඒ වගේම ආණ්ඩුවේ එක් කොටසක් වන ජාතික ජනබලවේගය නියෝජනය කරන පිරිස වෙනත් මතයක් දරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව තුළ යම් දෙදරිමක් ඇතිවුවහොත් ජාතික ජනබලවේගයේ සිටින ප්‍රගිතිශිලි , ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස් සමඟ ආණ්ඩුව භාරගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්තව රට ඉදිරියට ගෙන යාමේ හැකියාව සහ ශක්තිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා. ඒ නිසා ඕනෑම අවස්ථාව ආණ්ඩුවේ ප්‍රජාත්න්‍රවාදි කොටස් සමඟ එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවන්න සමගි ජනබලවේගය සුදානම්.‘‘






















