Saturday, August 15, 2026
HomeNEWSෆින්ලන්ත වීසා ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ වේගවත් කිරීමට ඇමති විජිත මැදිහත් වෙයි

ෆින්ලන්ත වීසා ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ වේගවත් කිරීමට ඇමති විජිත මැදිහත් වෙයි

ෆින්ලන්තය සමඟ සිදු කෙරෙන වීසා කටයුතු වඩාත් විධිමත් හා කඩිනම් කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මැදිහත් වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නවදිල්ලා නුවර සිටින ෆින්ලන්තය තානාපතිවරයා අතර හමුවක් අද කොළඹ දී සිදුවූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර මිත්‍රත්වය සහ ආර්ථික කටයුතු වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. මෙම හමුවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි. එය පහත දැක්වේ. අද, මම නවදිල්ලියේ පදිංචි ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති අතිගරු කිම්මෝ ලහ්ඩෙවිර්තා මහතා හමුවුණා. අපගේ සාකච්ඡාවලදී වෙළඳාම, ආයෝජන, සංචාරක, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජනතාව අතර හුවමාරු යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය, දූෂණ විරෝධී මුලපිරීම්, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන පියවර පිළිබඳව මම තානාපතිවරයාට විස්තර කළා. ශ්‍රී ලාංකික සිසුන් සහ සේවකයින් සඳහා ෆින්ලන්ත වීසා ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් ගවේෂණය කිරීම පිළිබඳව ද අපි සාකච්ඡා කළා.ගෝලීය සහ කලාපීය අභියෝග පිළිබඳව අපි අදහස් හුවමාරු කරගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img