Saturday, August 15, 2026
HomeNEWSඋතුරු, නැගෙනහිර හර්තාල්

උතුරු, නැගෙනහිර හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසයි.මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදුන් බවට චෝදනා එල්ල වූ අතර එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල විය.අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.කෙසේවෙතත් අදාළ තරුණයා මියයාමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් මහතා ද පැවසුවේය.මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කරන බව පසුගියදා සදහන් කළේය.කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසය.එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img