අද (18) ප.ව 3.00 වන විට සංචාරකයින් ලක්ෂ 15ක් ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කළා. X සටහනක් තබමින් මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්රයේ සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ද ස්තූතිය පළ කර තිබෙනවා.මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මානු සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටිනවා.






















