Friday, September 11, 2026
HomeNEWSඑජාපයේ ප්‍රබලයෙකුවන දයා පැල්පොළ මියයි

එජාපයේ ප්‍රබලයෙකුවන දයා පැල්පොළ මියයි

ජනාධිපති නීතිඥ දයා පැල්පොළ මහතා අභාවප්‍රාප්ත විය. කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දයා පැල්පොළ මහතා එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කළේය.
ඔහු එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙසද පක්ෂය ගොඩ නැංවීමේ දැවැන්ත
කාර්ය භාරයක් කළ නායකයෙකි.
යහපාලන සමයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කෙරුණු දයා පැල්පොළ මහතා (2015-2019) ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපන සබඳතා වර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. ඔහු කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන්ද ප්‍රකටය.
පැල්පොල මහතා ශ්‍රී ලංකන් එයාර් ලයින්,ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර තිබේ.
පැල්පොළ මහතා අභාවප්‍රාප්ත වන විට 85 වන වියෙහි පසු විය.
දේහය අංක 78,ලියනගේ මාවත, පැලවත්ත, බත්තර මුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහර නිවසින් හෙට(16)සවස 3ට පැලවත්ත ලියෝන් බැස්ටෝන් රෝමානු කතෝලික පල්ලියට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව බොරැල්ල කනත්තේදී සවස 4.30ට භූමදාන කටයුතු සිදු කෙරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img