ජනතාවට සහන දෙන රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවට අද රටේ ඇත්තේ මර්දනකාරී රාජ්‍ය ප්‍රතිපත්තියක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
76 වසරක් රටේ සිදු වූ සේවාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නොමැති වුවත් වසර 2ක ජනතා විමුක්ති පෙරමුණේ මර්දනකාරි පීඩනකාරී රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ රටේ බොහෝ දෙනා අන්ත දුක්ඛිත වී අසරණ වී ඇති බවත් මෙරට දුප්පත්කම දැන් වැඩි වී ඇති නමුත් දුප්පත්කම තුරන් කරනවා කියා බලයට පැමිණි ගොවියාගේ පුතාටවත් එය අඩු කරන්න නොහැකි වී ඇති බවත් වී කිලෝවට රු. 150ක සහතික මිලක් රටේ අණපනත් හරහා නීත්‍යානුකූල කරනවා කිව්වත් අද එයත් ඉටු නොවූ බවත් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බව කෘෂිකර්ම ඇමති කිව්වත් අද වී කිලෝවට දෙන්නේ රු. 120ක සහතික මිලක් බවත් මේ රජයට ඒ ස්ථාවර මිලවත් දී ගන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කිසිම ආණ්ඩුවක් ගොවියාගේ අස්වැන්නෙන් 100%ක් මිලදී නොගත්තත් ඉතිරි කොටස මහා හා කුඩා පරිමාණ වී මෝල් හිමියන් ගන්නා බවත් රජය ප්‍රකාශ කරන ස්ථාවර මිල ප්රවෘත්ති සිරස්තලයක් නොවි මහපොළොවේ යථාර්ථයක් විය යුතු වුවත් අද එය ද නොමැති බවත් මේ රජය පටන් ගත් තැන සිට කරන්නේ බොරුව රජකරවීම මිස ජනතාවට සේවය කිරීම නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන් වරායේ ගොඩබාන මිලට ඉන්ධන නොමැති බවත් 33%කින් විදුලි බිල අඩු නොවන බවත් කර්මාන්තශාලා වැසී රැකියා නැති වන බවත් කෘෂිකර්මාන්තය වැවිලි කර්මාන්ත පවා කඩා වැටෙන අප රටේ දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත්තේ නීතිරීති අණපනත් තුළින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ඉවත් කිරීම බවත් දැන් ජනතාවට දේශපාලනය කරන්න ඇති අයිතිවාසිකම් පවා මුලින් උපුටා දාන්න රජය කටයුතු කරමින් සිටින බවත් ජනතාවගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කරමින් නව අණපනත් තුළින් රැස්වීම දේශපාලනය අදහස් ප්‍රකාශ කිරීම සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය පවා නැති කරමින් රාජ්‍ය ත්‍රස්තවාදය රටේ නීතිය බවට පත් කරන්න රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නවරු දිස්ත්‍රික්කයේ, මින්නේරිය ආසනයේ, අත්තනකඩවල කෝදුරුවාව ගම්මානයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.
කදුලු ගෑස් ජල ප්‍රහාර වෙඩි ප්‍රහාර එල්ල කර ජනතාව මර්දනය කරනවා වෙනුවට අධිකරණයේ බලය අඩු කර විධායක ජනාධිපති ක්රමයේ බලය වැඩි කර ජනාධිපතිවරයාගේ බලය වැඩි කර ජනතාව මර්දනය කරන්න රජය උත්සාහ කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙයට විරුද්ධව ජාත්‍යන්තරයේ පවා හඩ නගන බවත් රජයට බේරුමක් ඇත්තේ මේ මර්දනය නිසා රජය දිගින් දිගටම ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින් රජය ජනතාවගෙන් බේරා ගන්න මර්දනකාරී අණපනත් ගෙන එන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවි ගැටලුවලට විසදුම් නැති වුණාට මර්දනය නම් උපරිමයෙන් තිබෙනවා
ගොවියාගේ ගැටලුවලට අද විසදුම් නොමැති නිසා ගොවි ජනතාව නැගී සිටීම වළක්වා ලන්න මර්දනකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන බවත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බේරා ගන්නවා කියා රජයට එරෙහිව ජනතාව නැගී සිටීම වළක්වන අණපනත් ගෙන එන බවත් ඊට අමතරව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක් කියා කොන්ඩා මෝස්තර පච්ච කෙටීම ඇදුම් ඇදීම පවා අපරාධයක් වන පනතක් ගෙන එන්න හදන බවත් මේ පනත අනුව හෝටලයක අවසරයෙන් ගීත ගායන කිරීමත් සංවිධානාත්මක අපරාධයක් බවත් ගීත නිර්මාණය කරන අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව ගීත ගායනා කිරීමත් මෙයට අනුව වරදක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ ආයෝජක හිතකර පරිසරයක් අද නෑ
2028 සිට වාර්ෂිකව විශාල ප්‍රමාණයක් විදේශ ණය ගෙවිය යුතු බවත් ඇ. ඩොලර් මිලියන 2.5-3ත් අතර ණය ගෙවන්න රටට සම්පත් සෘජු විදේශ ආයෝජන අවශ්‍ය වුවත් අද රටේ ඇති කර්මාන්තශාලා වැසී ගොස් විදේශ රටවල් කරා යන බවත් අප රටේ වැහෙන කර්මාන්තශාලා අද පිටරට කර්මාන්තපුර ලෙස ආරම්භ වන බවත් එයට හේතුව අප රටේ ආයෝජක හිතකර පරිසරයක් නොමැති වීම බවත් අපනයනය ප්‍රවර්ධනය විය යුතු වුවත් අද එය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි
අනුර කුමාර දිසානායක පාලනය තුළ අප රටේ ජනතාව දැඩි වේදනාවකට කම්පනයකට අසහනයකට පත්ව ඇති බවත් රටට ඇති එකම විකල්පය වන්නේ රටට ඇති එකම විසදුම වන්නේ ජනතා ප්‍රශ්නවලට ඇති එකම උත්තරය වන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.






















