Tuesday, September 22, 2026
HomeNEWSකැනඩාවෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක්

කැනඩාවෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක්

ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමේ කටයුතු සඳහා කැනඩා රජය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක ආධාරයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරිය විසින් මෙම ආධාර මුදල ලබා දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙත. මෙම ආධාර භාරගැනීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන්වේ.කැනඩා මහ කොමසාරිස් Isabelle Martin මහත්මියව අමාත්‍යංශයේ දී මවිසින් පිළිගනු ලැබුවා. ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා සහාය වීම පිණිස මානුෂීය ආධාර ලෙස කැනඩා රජයේ ඩොලර් මිලියන 2 කට අධික අරමුදල මහකොමසාරිස්වරිය නිල වශයෙන් පරිත්‍යාග කළා.බලපෑමට ලක් වූ නිවැසියන්ට ආහාර ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා ඩොලර් මිලියන 1.4ක්.කැනේඩියානු මානුෂීය ආධාර අරමුදල වශයෙන් සහන ද්‍රව්‍ය සහ හදිසි නවාතැන් සැපයීම සඳහා වර්ල්ඩ් විෂන් හරහා ඩොලර් 350,000ක්.කැනේඩියානු රතු කුරුස සංවිධානය මගින් පරිපාලනය කරනු ලබන හදිසි ආපදා ආධාර අරමුදල හරහා ශ්‍රී ලංකා රතු කුරුස සහන මෙහෙයුම් සඳහා සහාය සඳහා ඩොලර් 215,000ක්.හදිසි සහන ලබා දීම සඳහා දේශීය මුලපිරීම් වෙනුවෙන් කැනඩා අරමුදල හරහා ඩොලර් 70,000 කට ආසන්න මුදලක් ද ලබා දී ඇත.මානුෂීය ආධාර සපයමින් ශක්තිමත් හවුල්කාරිත්වයක් පිළිබිඹු කරන කැනඩාව ලබා දෙන සහයෝගය ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img