මාලිමාවට බලය හිමි කොළඹ මහ නගර සභාවේ අයවැය පරාදයි.කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පරාජයට පත්වී තිබෙනවා.අයවැයට පක්ෂව ඡන්ද පනස් හතක් ලැබී ඇති අතර අයවැයට විරුද්ධව ඡන්ද හැටක් ලැබී තිබෙනවා. මේ අනුව වැඩි ඡන්ද තුනකින් කොළඹ මහ නගර සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත් වී තිබෙනවා. අයවැය ඡන්ද විමසීම සිදු කර ඇත්තේ මීට ස්වල්ප වෙලාවකට පෙරදී.






















