Monday, September 21, 2026
HomeNEWSමනුෂ සජබට?

මනුෂ සජබට?

හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර සමගි ජනබලවේගය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් වාර්තාවෙනවා.ඒ සම්බන්ධයෙන් ඊයේ (05)දින කොළඹ පිහිටි අවන්හලකදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බවයි වාර්තා වන්නේ.මනූෂ මෙසේ සාකච්ඡාකර ඇත්තේ සමගි ජනබලවේගයේ ප්‍රබලයෙකු මෙන්ම විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම කෙනෙකු සමග බවයි වාර්තාවන්නේ.ඉදිරි දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග සිදුකරනවා නම් එය කුමන ආකාරයෙන් වියයුතුද කියා එහිදී සාකච්ඡාවී තිබෙනවා.මේ පිළිබඳව මනූෂ ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවීද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවෙනවා.මීට පෙර සමගි ජනබලවේගය නියෝජනය කළ මනූෂ 2022 මැයි මාසයේ පැවති අරගලයෙන් පසුව ඇතිවූ දේශපාලන තත්ත්වයත් සමග ජනාධිපති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළේය.දේශපාලන වශයෙන් රට අරාජික නොවී රට ස්ථාවර කිරීම සඳහා ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කළ බව ඒ අවස්ථාවේදී මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img