Friday, July 17, 2026
HomeNEWSඅර්ධ ශතකයේදීම D.S. ප්‍රධාන පාසල් සමඟ කරට කර

අර්ධ ශතකයේදීම D.S. ප්‍රධාන පාසල් සමඟ කරට කර

“තමාට පෙර රට” යන මානුෂීය ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදරය, ගෞරවය සහ විනය යන තෙවැදෑරුම් ප්‍රතිපත්තීන්ගෙන් සුපෝෂිත දරු කැලක් රටට දායාද කීරීම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ඒකායන අරමුණයි. 1967 වර්ෂයේ දී ගරු ආරම්භක විදුහල්පති R.I.T අලස් ගුරුපියාණන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම අභිමානවත් විද්‍යාලය අද වන විට ලොවපුරා විවිධ වූ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයන් රැසක් බිහි කරන්නට සමත් වී ඇත. 2026 වසරේ පෙබරවාරි 10 වන දිනට අභිමානවත් වසර 59ක් සපිරෙන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය රටේ ප්‍රධාන පාසල් අතරට පැමිණෙන්නේ ඉතාමත් කුඩා වයසක දී වීම විද්‍යාලයේ වටිනාකම තව තවත් වර්ධනය කරයි. එ අන් කිසිවක් නිසා නොව ඩී. ඇස් මාතාව අපට කියා දුන් සහෝදරත්වය නිසා ය.කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහෝදරත්වයේ ප්‍රතිමූර්තිය යි. පාසල තුළ සිදුවන මානුෂීය ක්‍රියාකාරකම් තුළින් එය මනා ලෙස විද්‍යමාන වේ. 2006 වසරේ දී කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලීය ආදී ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවමේ අරමුණින් වෛද්‍ය සායනයක් ආරම්භ කළා. එම වෛද්‍ය සායනය විද්‍යාලයේම ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කිරීම එහි වඩාත් කැපී පෙනෙන විශේෂත්වයකි. මේ වසරේ දී අඛණ්ඩව 20 වන වරටත් මේ වසරේ දී පැවැත්වුණා. විද්‍යාලයේ ආදී ගුරුමෑණිවරුන් මෙන්ම ගුරුපියවරුන් රැසක් මේ වසරේදිත් ඔවුන්ගේ ගුරුහරුකම් මැද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළටම ගිය පුතුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත් අතර එය ඩී. ඇස් මාතාව තුළ දළු ලා වැඩුණු ස්නේහයේ මහා රුක්ෂය මනා ලෙස පිළිබිඹු කරයි. කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය යනු දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහි කළ ඉදිරියටත් බිහි කරන අභිමානවත් විදු බිමක්. විද්‍යාලයේ හදවත බඳු විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මේ වසරේ දී Back to School වැඩසටහන පෙබරවාරි මස 7 වන දා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී. මේ වසරේ දී අනෙකුත් වර්ෂයන්ට සාපේක්ෂව වෙනස් මුහුණුවරකින් මෙම වැඩසටහන පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සූදානමින් සිටී. ඒ Back to school සමඟ Back to Sportsmeet වැඩසටහන ද ඒකාබද්ධව සිදු කිරීමයි. මින් පෙර කිසිදු පාසලක සිදු නොවූ ඉතාමක් ජවසම්පන්න, ආකර්ෂණීය Back to school වැඩසටහන මෙවර අපට දැක බලාගත හැකිය. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මාධ්‍ය කවය මඟින් සිදු කළ යෝජනාවකට අනුව ආදිශිෂ්‍ය සංගමයත් ආදි මාධ්‍යවේදීන්ගේ සංගමයත් බහුකාර්ය ශබ්දාගාරයක් ස්ථාපනය කිරීමට සියලු කටයුතු සැලසුම් කොට තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරියේ දී පිටත කාර්යන් සඳහා rentout කිරීමටත් social media revenue ලබා ගැනීමටත් බලාපොරොත්තු වන අතර මෙය පාසලට අමතර වශයෙන් විශාල ආදයමක් ලැබිය හැකි මාර්ගයක් වේ.මේ සියල්ලෙන්ම ගම්‍යමාන වන කරුණ නම් ඩී. ඇස් මාතාවගේ ඇකයේ වැඩෙන පුතුන්ගේ නොමැකෙන සහෝදරත්වයයි. කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සැමවිටම තමාට පෙර අනෙකා ගැන සිතන්නට හුරු කරමින්, ජීවිතයේ නැවුම් බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හුරු කරමින්, සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත්වීමට හැකි ජාතියක් දැයට දායාද කිරීමට කටයුතු සිදු කරන පාසලකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img