“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත් වූණා.මෙම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් හා කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රන්තයන්හි මහ ඇමතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.ඊට අමතරව ඉන්දියාවේ කෘෂිකර්මාන්ත, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාල මධ්‍යස්ථාන නැරඹීමටද මෙහිදී සැලසුම් කර තිබෙනවා.මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයේ සාමාජික හේමතිලක ගමගේ , ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාෂිනී සම්බන්ධ වී සිටිනවා.






















