දකුණු ඉරානයේ ඊශ්‍රායල – ඇමරිකානු ප්‍රහාරයකින් බාලිකා ප්‍රාථමික පාසලකට සිදු වූ බව කියන ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉරානයට එරෙහි යුධ මෙහෙයුම අතරතුර, දකුණු ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් සිසුවියන් 24 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල කිහිපයක් ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කරමින් තිබියදී සාර්ථකව මර්දනය කළ බව ජෝර්දාන හමුදාව (JAF) නිල වශයෙන් නිවේදනය කරනවා.ජෝර්දාන ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බැලස්ටික් මිසයිල දෙකක් සිය ගුවන් සීමාව තුළදීම විනාශ කර ඇති අතර, එහි සුන්බුන් ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන-ඊශ්‍රායල ගැටුම මුල් කරගනිමින් මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන පසුබිමක, ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කළ බැලස්ටික් මිසයිල කිහිපයක් සිය හමුදාව විසින් විනාශ කළ බව ජෝර්දානය පවසනවා. ඉරාන-ඊශ්‍රායල ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින්, මැදපෙරදිග කලාපයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර මාලාව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.ඉරාන බලධාරීන්ට අනුව, කටාර්හි අල්-උඩෙයිඩ් (Al-Udeid) ගුවන් හමුදා කඳවුර, කුවේට්හි අල්-සලෙම් (Al-Salem) ගුවන් හමුදා කඳවුර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-දෆ්රා (Al-Dhafra) ගුවන් හමුදා කඳවුර, බහරේනයේ අමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඇණි මූලස්ථානය වෙත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.මීට පෙර අබුඩාබි අගනුවරින් වාර්තා වූ පිපිරුම්වලට අමතරව, මීට සුළු වේලාවකට පෙර ඩුබායි සහ අබුඩාබි යන නගර දෙකෙන්ම තවත් ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වී තිබෙනවා.






















