ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සිය ශෝකය ප්‍රකාශ කරයි. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ඊයේ (04)ගොස් එහි ශෝකය සටහන් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඉරාන රජයට දැනුම් දෙන ලෙසද ඉරාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාව හා ඉරානය අතර පැවැති මිත්තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. එම ශෝකය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.අද දින මම අති උතුම් අයතුල්ලා අලි කමේනි මැතිතුමාගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට මගේ බලවත් ශෝකය පළ කරමි.ඔහුගේ ධුර කාලය තුළ අපගේ ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් විය. ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරයි. අපගේ සිතුවිලි ඉරාන ජනතාව සමඟ ය.
























