Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsකටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා.

කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා.

කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා.

කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව 2019 වසරේ අප්‍රේල් 26දින සිදු වූ සයින්දමරුදු පිපිරීමේදී කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බෝම්බකරු මොහොමදු ගේ බිරිය එහි නොසිටි බව ඒ පිළිබඳව කරන ලද DNA පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඒ අනුව සාරා නැමැති ඇය එම නිවසේ සිට පිපිරීමට පෙර පිටව ගොස් ඇති අතර ඇය ඒහි නොසිටි බව පිපිරුමෙන් පසුව ඇයගේ මව්පියන් හරහා කරන ලද DNA පරීක්ෂාවෙන් ඇගේ සිරුරු කොටස් එහි නොතිබුණු බව තහවුරු වී ඇතැයි ද රස පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එකී ශරීර කොටස් සම්බන්ධයෙන් සිදුකළ ඩීඑන්ඒ පරීක්ෂාවකදී එම නිවස තුළදී පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව තහවුරු වී ඇත. සාරා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනට සිදුකරගෙන යන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇය කිසිවෙකුගේ හෝ ආරක්ෂාව යටතේමඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ සැඟවී සිටිමින් ඉකුත් සැප්තැම්බරයේ බෝට්ටුව ආධාරයෙන් ඉන්දියාවට පලා යන්නට ඇති බවයි. ඇයට ඉන්දියාට පලා යාමට උදව් උපකාර කිරීමේ චෝදනා මත පසුගිය 13 වැනි දින ඇයගේ බාප්පා කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ කණ්ඩායමක් විසින් මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සෙල්වම්් කුමාර දේව කුමාර නමැති එම සැකකරු රැඳවුම් නියෝග යටතේ මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි. මීට අදාළ සාක්ෂ් වසන් කිරීමේ චෝදනා මත අම්පාර පොලිස් ගරාජය ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අබූබකර් මහතා පසුගියදා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img