කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා.
කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ කලවංචිකුඩි යෙන් ඉන්දියාවට පැනලා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව 2019 වසරේ අප්‍රේල් 26දින සිදු වූ සයින්දමරුදු පිපිරීමේදී කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බෝම්බකරු මොහොමදු ගේ බිරිය එහි නොසිටි බව ඒ පිළිබඳව කරන ලද DNA පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඒ අනුව සාරා නැමැති ඇය එම නිවසේ සිට පිපිරීමට පෙර පිටව ගොස් ඇති අතර ඇය ඒහි නොසිටි බව පිපිරුමෙන් පසුව ඇයගේ මව්පියන් හරහා කරන ලද DNA පරීක්ෂාවෙන් ඇගේ සිරුරු කොටස් එහි නොතිබුණු බව තහවුරු වී ඇතැයි ද රස පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එකී ශරීර කොටස් සම්බන්ධයෙන් සිදුකළ ඩීඑන්ඒ පරීක්ෂාවකදී එම නිවස තුළදී පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව තහවුරු වී ඇත. සාරා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනට සිදුකරගෙන යන විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඇය කිසිවෙකුගේ හෝ ආරක්ෂාව යටතේමඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ සැඟවී සිටිමින් ඉකුත් සැප්තැම්බරයේ බෝට්ටුව ආධාරයෙන් ඉන්දියාවට පලා යන්නට ඇති බවයි. ඇයට ඉන්දියාට පලා යාමට උදව් උපකාර කිරීමේ චෝදනා මත පසුගිය 13 වැනි දින ඇයගේ බාප්පා කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ කණ්ඩායමක් විසින් මඩකලපුව කලවංචිකුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. සෙල්වම්් කුමාර දේව කුමාර නමැති එම සැකකරු රැඳවුම් නියෝග යටතේ මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි. මීට අදාළ සාක්ෂ් වසන් කිරීමේ චෝදනා මත අම්පාර පොලිස් ගරාජය ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අබූබකර් මහතා පසුගියදා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.






















